විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති සියලු දුරකථන මේ මාසයේ සිට අවලංගු කරන බව එහි සභාපති ඕෂධ සේනානායක මහතා සදහන් කරයි.
එසේ ලියාපදිංචි කොට නැතිනම් එම ලියාපදිංචිය සඳහා අතිරේක කිසිදු මුදලක් අය නොකරන බවද හෙතෙම පෙන්වා දෙයි.
මින් ඉදිරියට WhatsApp භාවිතය අනතුරක් බව පෙන්වා දෙන සභාපතිවරයා ඉන් කෙනෙකුගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම නිරාවරණය වන බව ද පෙන්වා දෙයි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.










