මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ එම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.










