පාර්ලිමේන්තුව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ රැස්වීමට අද (18) රැස්වූ පක්ෂ නායකයෝ තීන්දු කළහ.
එම රැස්වීමට පක්ෂ නායකයන්ට අමතරව සෞඛ්‍ය සේවයේ ප්‍රධානීන්ද රැස්ව තිබේ.
එහිදී සෞඛ්‍ය ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවකයන් 900කට අධික ප්‍රමාණයක් පී.සී.ආර්. කිරීමෙන් අනතුරුව 9 දෙනක් පමණක් ආසාදිත බව තහවුරු වී ඇති බවත්, එය 1%කටත් අඩු ප්‍රමාණයක් බවත්ය.
එයින්ද සේවකයන් කිහිප දෙනෙක් පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට පැමිණ නොමැති වීම හේතුවෙන් තර්ජනය අවම බව ඔවුන් පෙන්වා දී ඇත.
එම නිර්දේශයට අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයන් තීන්දු කර ඇත.










