කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුව සමඟ පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
අද (16) පෙරවරුවේ වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැය 2ක් පුරා අදාළ සාකච්ඡාව පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
නමුත් සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවත්, 49%ක කොටස් පැවරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පැවසීය.
වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා මෙසේ සඳහන් කළේය.
“සාමාජිකයන් දෙදෙනයි හිටියේ. එතුමන්ලා කිව්වේ එතුමන්ලට එහෙම සාකච්ඡා කරන්න විදිහක් නෑ, ඒකට ප්‍රොජෙක්ට් කොමිටි එකක් දාලා තියෙනවා, ඒකේ වරාය අධිකාරියේ නිලධාරීන් ඉන්නේ, ඒ කට්ටියට ෆ්‍රේම් එකක් දීලා තියෙනවා, 51යි 49 තුළ තමයි මේ සේරම දේවල් කරන්න ඕනේ කියලා. අපේ යෝජනාව දෙන්න කිව්වා ලබන සිකුරාදා වෙනකොට. අපේ අරමුණට අවස්ථාව මෙතන ලැබුණේ නෑ,” යනුවෙනි.










