අද (13) දිනයට මේ වනවිට කොවිඩ් – 19 සාදිතයින් 692 දෙනාද සමග මේ වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා තිබේ.
එම ආසාදිතයින් අතරින් 685දෙනෙකු වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.
තවත් 02දෙනෙකු වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රිතවය.
අනෙක් 05 දෙනා වාර්තා වන්නේ විදේශයන්හි සිට පැමිණි අයගෙනි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 46,457ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 6,715 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 50,229කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 247කි.










