අද (13) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩල රස්වීමේදී තවදුරටත් පක්ෂ නායකත්වය තමන් වෙත තබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ඊට අමතරව තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ.
ඒ අනුව, පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද නව මහලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ.
උපසභාපතිවරයා වන්නේ සාගල රත්නායක මහතාය.
අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙස පත්කර තිබේ.
එමෙන්ම ජාතික සංවිධායක තනතුර නවීන් දිසානායක මහතාටම බාර දී තිබේ.










