ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජනබලවේගය අද (13) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.
සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළ ආකාරයට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී වරප්‍රසාද යටතේ අද දහවල් කාලයේ දී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙනු ඇත.
මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව අද විරෝධතාවක් ද පැවැත්වීමට සමගි ජන බලවේගය කටයුතු සංවිධානය කර තිබේ.
නිහඬ විරෝධතාවක් වන එය අද පස්වරු 4.00ට නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පවත්වන බව ජාතික සංවිධායකවරයා කීය.










