• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රංශයේ නොස්ට්‍රාඩාමස්: බල්ගේරියාවේ බාබා වන්ගා: ඉන්දියාවේ අභිග්‍යා ආනන්ද්: ඇමරිකාවේ නාසා: 2021 ගැන කියපු ප්‍රබල අනාවැකි මෙන්න…

January 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රංශයේ නොස්ට්‍රාඩාමස්: බල්ගේරියාවේ බාබා වන්ගා: ඉන්දියාවේ අභිග්‍යා ආනන්ද්: ඇමරිකාවේ නාසා: 2021 ගැන කියපු ප්‍රබල අනාවැකි මෙන්න…
Share on WhatsAppShare on Facebook

මැයි මාසයේදී විශාල ග්‍රාහකයක් පෘථිවියේ වදිනවා

අවුරුද්ද මැද වෙද්දි කොරෝනා පාලනය වෙනවා


‘2021 වසර අතිශය බියකරු වසරක් බවට පත්වෙනවා. එනම් මෙම වසරේදී රුසියානු විද්‍යාඥ්ඥයකු විසින් මනුෂ්‍යයාට ඉතාමත් අහිතකර, බියකරු ජීව විiාත්මක අවියක් නිපදවනු ලබනවා. මෙම අවිය භාවිත කිරීම මඟින් සාමාන්‍ය මිනිසුන් ‘සෝම්බි’ මිනිසුන් බවට පත්කළ හැකියි. ‘සෝමිබිවරුන්’ යැයි කියන්නේ ශරීරයෙන් මියගොස් එහෙත් ප්‍රාණයක් තිබෙන, පිල්ලියක් වැනි මිනිසුන් කණ්ඩායමකටයි. ඔවුන් මේ තත්ත්වයට පත්වන්නේ ඉහත ජීව විiාත්මක අවිය මඟින් මියයෑමෙන් පසුවයි. මේක ඇත්තටම මළමිනියකින් නැඟිට එන පිල්ලියක් වගේ දෙයක්. ඒත් ඒකට ජීවයක් තිබෙනවා. ඒ වුණාට සැබෑ මිනිසෙක් නොවෙයි. රුසියානුවන්ගේ මෙම ජීව විiාත්මක අවිය නිසා ලෝකයෙන් හරි අඩක් පමණ මිනිසුන් මියගොස් ‘සෝම්බිවරුන්’ බවට පත්වෙනවා. මේක හඳුන්වන්නේ ‘සෝම්බි ප්‍රකාශ’ (Zombie Apocalypse) ලෙසිනුයි.

අලුත් වසරක් ආරම්භ වන විටදීම කුමක්ද මෙලෙස අසන්නට ලැබෙන තුෂ්ණිම්භූත කතාන්දරය?
මේක ලෙහෙසි, පහසු ප්‍රකාශයක් නෙවෙයි. ඒ වගේම ලොවක්ම ඇහැරවන කතාන්දරයක්. මේ බියකරු කතාව ප්‍රකාශ කරලා තිබෙන්නේ, ලොව මෙතෙක් සිටි අංක එකේ අනාවැකිකරුවා සහ නක්‍ෂත්‍රකරුවා වන ප්‍රංශ ජාතික මයිකල් නොස්ට්‍රාඩමාස් විසිනුයි. දක්‍ෂ වෛද්‍යවරයකුද වන ඔහු 1503 වසරේදී උපත ලබා 1566 වසරේදී මියගිය අතර, ලොව වඩාත් ප්‍රකටව සිටින්නේ නක්‍ෂත්‍රය ආශ්‍රිතව අනාවැකි පවසන්නකු ලෙසය. ඔහු වරින් වර, පැවැසූ අනාවැකි රැසක් සත්‍ය සිදුවීම් බවට පත්වී ඇති අතර, වසර 3797 දක්වා ඔහු අනාවැකි දහස් ගණනක් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔහු මෙම 2021 නව වසර වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අනාවැකි කිහිපයක් අතරින් ප්‍රධානත්වයක් ගත් අනාවැකියක් වන්නේ ඉහත ලියා තැබූ ‘සෝම්බි’ මිනිසුන්ගේ කතාවයි.
තත්ත්වය එසේ වන්නේ නම් මහා අනාවැකිකරු නොස්ට්‍රාඩමස් ගතවූ 2020 වසරේදී ලොවම බිලිගත් කුරිරු, මාරාන්තික ‘කොරෝනා’ වසංගතය ගැන කුමක් පැවැසුවේද? අප අද සොයා යන හැරවුම් ලක්‍ෂය ඇත්තේ එතැනය. 2020 වසරේදී මෙම බියකරු මාරක ‘කොරෝනා’ වසංගතයක් ගැන කිසිදු හෝ අනාවැකියක් පළ කිරීමට නොස්ට්‍රාඩමස්ට හැකිවී නැත. හිට්ලර් වැනි කුරිරු පාලකයකුගේ බිහිවීමත්, දෙවැනි ලෝක මහා යුද්ධයත් ගැන සාර්ථක අනාවැකි පැවැසූ මෙම මහා අනාවැකිකරුවා 2020 වසර වෙනුවෙන් පැවැසූ අනාවැකි සියල්ලක්ම අසත්‍ය තත්ත්වයට පත්විය. ඒ වුවද මෙම තත්ත්වය යටතේදී සමහර සමාජ ගවේශකයන් පවසා සිටින්නේ, නොස්ට්‍රාඩමස් විසින් 2021 වසර වෙනුවෙන් පැවැසූ ‘ජීව විද්‍යාත්මක අවියේ නිෂ්පාදන කතාව’ යම් අයුරකින් 2020 වසර සඳහාද අනුගත කළ හැකි බැව්ය. එනම් කාලය ඉතාමත් සුළු වශයෙන් වෙනස් වුවත්, 2020 වසරේදීද ඇති වූ ‘කොවිඞ්-19’ මාරක වසංගතයද එක්තරා ආකාරයක ජීව විද්‍යාත්මක අවියක නැඹුරුව ගත් කතාන්දරයක් හෙයිනි. පසුගිය කාලයක් පුරාම ඇමෙරිකාව ප්‍රධාන කරගත් රටවල් රැසක් චීනයට චෝදනා කළේ ‘කොරෝනා’ වසංගත තත්ත්වය යනු චීනය විසින් නිෂ්පාදනය කරන ලද ජීව විද්‍යාත්මක අවියක් බැව්ය. ලෝකයේ ජීව විද්‍යාත්මක අවි ලෙසින් හඳුන්වන්නේ, අනෙකුත් අවි ආයුධ මෙන් ලෝහයෙන් තැනූ උපකරණ නොව, විවිධ වෛරස සහ බැක්ටීරියා වර්ග යොදා ගනිමින් ලෝකය විනාශ කරන ක්‍රමවේදයකටයි.
කෙසේ හෝ එලෙස එම අනාවැකිවල සුළු සමානකම් පෙන්නුම් කළත් නොස්ට්‍රාඩමස්ට, 2020දී ලොවම බිලිගත් ‘කොරෝනා’ මාරක වසංගතය ගැන නිසිලෙස අනාවැකියක් ප්‍රකාශ කිරීමට හැකිවී නැත. මෙලෙසම මෙතෙක් ලොව සිටි ප්‍රබලතම අනාවැකිකාරිය සහ නක්‍ෂ්ත්‍රකාරිය ලෙස සැලකෙන බල්ගේරියාවේ විසූ බබා වන්ගාටද, 2020 මාරක කොරෝනා වසංගතය ගැන නිසි අනාවැකියක් පැවැසීමට හැකිවී නැත. බාබා වන්ගා 1911 වසරේ උපත ලබා 1996 වසරේදී මියගිය අතර, සත්‍ය වූ අනාවැකි රැසක් ප්‍රකාශයට පත්කර තිබිණි. ඉස්ලාමික ත්‍රස්තවාදීන් විසින් 2001 වසරේදී ඇමෙරිකාවට එල්ල කරන ලද ප්‍රබල 9/11 ප්‍රහාරය ගැන ඇය සත්‍ය අනාවැකියක් පළ කළාය. කෙසේ හෝ ඇය ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයාට 2020 වසරේදී ඉතාමත් ගුප්ත රෝගයක් සෑදෙන බැව් අනාවැකියක් පළකර තිබිණි. 45 වැනි ජනාධිපතිවරයා යනු වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වන අතර, පසුගියදා ඔහුට කොරෝනා රෝගය වැළඳුණේය. මේ නිසා බාබා වන්ගා ප්‍රකාශ කළ අනාවැකිය සත්‍ය විය. ඒ වුවද ඇයටද 2020 ගෝලීය මාරක වසංගතය වූ ‘කොවිඞ්-19’ ගැන අනාවැකියක් පළකිරීමට නොහැකි විය. කොරෝනා වසංගතය යනු මේ වන විට ලොව මිනිසුන් ලක්‍ෂ 18ක් බිලිගෙන ඇති මාරක වසංගතයකි.
මේ ආකාරයට බලන විට ලොවම පිළිගත් ශ්‍රේෂ්ඨ අනාවැකි සහ නක්‍ෂත්‍රකරුවන් දෙදෙනාටම ‘කොවිඞ්-19’ මාරක වසංගතය ගැන ස්ථිරසාර ලෙස අනාවැකි පළ කිරීමට නොහැකි වී ඇත. තත්ත්වය එසේ වූයේ නම් මෙම දෙදෙනා 2021 නව වසර වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අනෙකුත් ප්‍රධාන අනාවැකි මොනවාද?
ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමාස්ගේ 2021 අනාවැකි
🔴 රුසියානු ජීව විද්‍යාත්මක අවිය හේතුකරගෙන සාමාන්‍ය මිනිසුන් ‘සෝම්බි’ මිනිසුන් බවට පරිවර්තනය වීම. මෙම අවිය නිසා ලොව ජනතාව අඩක් මරණයට පත්වී, පසුව ජීවයක් ඇති ‘සෝම්බි පිල්ලි’ බවට පත්වෙයි.
🔴 විවිධ මුස්ලිම් සහ ඉස්ලාමික පාර්ශ්ව ලොව ඉදිරියට එනු ඇතිය. මෙම ජනයා කිසිදු අවි ආයුධ භාවිතයකින් තොරව ලෝකයේ බලය අල්ලාගනු ඇත. යුරෝපයේ රටවල් තුළ මෙය ප්‍රබලව සිදුවන අතර, මුස්ලිම්වරුන් විශාල වශයෙන් එම රටවල් තුළට සංක්‍රමණය වීමද සිදුවනු ඇතිය.
🔴 ඉතාමත් භයංකර ‘හිරු කුණාටු’ (Solar Storms) ඇතිවිය හැකිය. මේ නිසා ලොව ජනතාව විශාල වශයෙන් අනතුරට ලක්විය හැකිය.
🔴 අභ්‍යාවකාශයෙන් පැමිණෙන විශාල ග්‍රාහකයක් පෘථිවියෙහි ගැටෙනු ඇතිය. මේ නිසා පෘථිවියේ සමහර ප්‍රදේශවල දරුණු ගිනිගැනීම්, භූමිකම්පා සහ ජල ගැලීම්ද ඇති විය හැකිය. නොස්ට්‍රඩමස්ගේ මෙම අනාවැකිය සමඟ තවත් සුවිශේෂී කරුණක්ද වාර්තා වෙයි. එනම් මේ වන විට ඇමෙරිකානු ‘නාසා’ අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, 2021 මැයි 06 වැනිදා විශාල ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමට නියමිත බැව්ය. ඔවුන්ගේ පර්යේෂණවලට අනුව නම්කර ඇති ‘2009 ණත්‍ෂ’ නමැති මෙම ග්‍රාහකය කිලෝ ටොන් 230ක (TNT) වෙඩි බෙහෙත් බලයකින් යුක්තව පෘථිවිය සමඟ ගැටෙනු ඇතැයි ප්‍රකාශ වෙයි. මෙය 1945 වසරේදී ඇමෙරිකානුවන් විසින් ජපානයේ, හිරෝෂිමාවට දැමූ අධි බලැති පරමාණු බෝම්බය මෙන් 15 ගුණයක බලයකින් යුක්ත පිපිරීමක් වනු ඇතැයි ‘නාසා’ ආයතනය ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මෙම භයංකාර ග්‍රාහකයේ ගමන්මඟ යම් ආකාරයකින් ස්වාභාවිකව වෙනස් වීමට ඉඩ ඇතැයිද ‘නාසා’ පර්යේෂකයෝ පවසති. එහෙත් මෙයට වසර 500කට ඉහතදී ජීවත් වූ නොස්ට්‍රාඩමස් මෙවැනි අනාවැකියක් ප්‍රකාශ කර තිබීම අති සුවිශේෂී සිදුවීමකි.
🔴 ඇමෙරිකානු සොල්දාදුවන්ගේ මොලයෙහි ‘ඩිජිටල් පරිගණක චීපයක්’ (Digital Computer Chip) තැන්පත් කෙරෙනු ඇතිය. මේ ක්‍රියාවලිය මගින් සාමාන්‍ය සොල්දාදුවන් ‘සයිබර්ග්ස්’ (Cyborgs) තත්ත්වයට පත්වනු ඇතිය. ‘සයිබර්ග්ස්’ යන්නෙහි අර්ථය ගෙනහැර දැක්විය හැක්කේ ‘සත්‍යන්ත්‍රිකයන්’ ලෙසින් වන අතර, මෙය යම් රොබෝ ක්‍රියාවලියකට සමාන එකකි. එනම් සාමාන්‍ය සොල්දාදුවන්ගේ මොළයෙහි ඩිජිටල් චිපයක් තැන්පත් කළ පසු ඔවුන් අධික්‍රියාකාරිත්වයකට යොමු කළ හැකිය.
මේ ආකාරයට යමෙකුගේ දෙනෙත් විවර වන ආකාරයේ ප්‍රධාන අනාවැකි කිහිපයක් නොස්ට්‍රාඩමස් විසින් ප්‍රකාශ කර ඇත. ඔහුට පසුව ලොව දෙවැනි ස්ථානයේ වැජඹෙන බබා වන්ගා විසින් 2021 උදෙසා ප්‍රකාශ කර ඇති ප්‍රධානතම අනාවැකි කුමක්ද?
🔴 2021 වසරේදී පිළිකා රෝගය සඳහා සාර්ථක ඖෂධයක් සොයාගන්නවා ඇතිය.
🔴 මුස්ලිම්වරුන්ගේ බලය ලොව පුරා තහවුරු වන අතර, ඔවුන් විසින් නව රාජ්‍යයන්ද ගොඩනඟනු ඇතිය.
🔴 රටවල් අතර රසායනික අවි යුද්ධයක් ඇති වනු ලබයි. ජීව විiාත්මක අවිද නිෂ්පාදනය කෙරෙයි.
🔴 මනුෂ්‍යත්වයට ඉහළින් දරුණු මකරකු තමන්ගේ බලය පෙන්වනු ඇතිය. මෙයින් අර්ථවත්වී ඇත්තේ මකරාගේ දේශය යන චීනය විසින් ලොව වටා තම බලය පතුරුවනු ඇති බැව්ය.
🔴 ලෝකයේ විනාශය සිදුවන්නේ මෑත කාලයකදී නොව 5079 වසරේදී බැව් බබා වන්ගා ප්‍රකාශ කර සිටින්නීය. මෙයට පෙරදී 2012 දෙසැම්බර් 21දා ලෝකය විනාශ වන්නේ යැයි මහා කලබලයක් ලොව පුරාම පැතිර ගියේය. පැරැණි මායාවරුන් විසින් මේ බැව් අනාවැකි පැවැසූ බවත්, මායා දින දර්ශනය එම දිනයෙන් පසුව නොමැති බවටත් කරුණු ප්‍රකාශ විය. එහෙත් එවැනි අල්ප මාත්‍රයක්වත් ලෝක විනාශයක් සිදුවූයේ නැත.
මේ ආකාරයට ලෝකයේ ප්‍රධානතම නක්‍ෂත්‍රකරුවන් දෙදෙනාගේ 2021 අනාවැකි ඔබට ලියා තැබුවේ එය මෙම කතාවට අත්‍යාවශ්‍ය සාධකයක් වන හෙයිනි. කෙසේ හෝ මෙම අනාවැකිකරුවන් දෙදෙනාම දැනට අප අතර නැති නිසා ජීවත්ව සිටින නක්‍ෂත්‍රකරුවන්ගේ 2021 අනාවැකි දෙස බැලිය යුතුය. 2021ට යෑමට පෙර අප සිතා බැලිය යුත්තේ මෙම පිරිස් 2020 වසරේදී ප්‍රකාශ කළේ කුමක්ද යන්න ගැනය.
දැන් අප සොයා බැලිය යුත්තේ, 2020 මාරක කොරෝනා වසංගතය ගැන ලොව අනෙකුත් රටවල දැනට ජීවත්ව සිටින අනාවැකිකරුවන් සහ ජ්‍යොතිෂකාරයන් ප්‍රකාශ කළේ කුමක්ද යන්නය. එයද ශ්‍රී ලංකාවටත් එහා ගිය කතාවකි. එනම් විදෙස් ජ්‍යොතිෂකාරයන්ගෙන් සහ අනාවැකිකරුවන්ගෙන් දෙතුන් දෙනකු හැරෙන්නට, එවැනි පිරිස් දසදහස් ගණනකට කොරෝනා වසංගතය ගැන අනාවැකි කීමට නොහැකි විය. ඒ අනුව ලොව අතිශය ප්‍රකට සහ දක්‍ෂ ග්‍රහ ශාස්ත්‍රකාරයන් රාශියක් මහත් ලැජ්ජාවට සහ අපකීර්තියට පත්විය. ශ්‍රී ලංකාවේ අයට මෙන් ඔවුන්ටද පසුගිය කාලයේ සැඟවෙන්නට ලෙන් ගුහා සොයා යන්නට විය. දැනට ඇමෙරිකාවේ සිටින ලොව පිළිගත් ප්‍රකට සහ දක්‍ෂ නක්‍ෂත්‍රකාරිනියක වන සූසාන් මිලර් මෙම ගෙවී යන කොරෝනා වසංගතය ගැන යම් ආකාරයකින් අනතුරු හැඟවූ කාන්තාවකි. නක්‍ෂත්‍රය ගැන දැනට වසර 25කට වඩා වැඩි පළපුරුද්දක් ඇති ඇය ලෝකයේ බොහෝ ප්‍රකට පුද්ගලයන්ගේ නක්‍ෂ්ත්‍ර කටයුතු රැසක් සිදුකළ ගැහැනියකි. 2020 කොරෝනා වසංගතය ගැන ඇය යම් බුද්ධිමත්, තාත්ත්වික ආකාරයේ විග්‍රහයක යෙදී ඇත. ඇය ඒ ගැන කියන්නේ මෙසේය.
‘කොරෝනා මාරක වසංගතය ලොව ගිලගන්නවා යැයි නිශ්චිතව කියන්නට සමත් වුණු කිසිම ජ්‍යොතිෂවේදියකු මෙලොව නැහැ. තවමත් මෙම භයානක රෝගය ගැන සත්‍ය කරුණු ප්‍රකාශ කරන්නට දක්‍ෂ කිසිම නක්‍ෂත්‍රකරුවකු පවා දන්නා මායිමක නැහැ. එහෙත් අප මේ මාරක වසංගතය ගැන යම් පමණකින් කරුණු අවබෝධ කරගෙන සත්‍යය හෙළිකරන්නට උත්සාහ කළා. මම මාසයකදී නක්‍ෂත්‍රයේ කරුණු ගැන වචන 45.000කට වඩා ලියන කෙනෙක්. මටත් කොරෝනා වසංගතයේ පැමිණීම ගැන කරුණු කියන්නට නොහැකි වුණා. එහෙත් මෙම තත්ත්වය ගැන මම බොහෝ කරුණු අධ්‍යයනය කළා. ග්‍රහ ශාස්ත්‍රයට අනුව බ්‍රහස්පති ග්‍රහයා (ජුපිටර්) සහ ප්ලූටෝ ග්‍රහයා එකට බද්ධ වීමේ ග්‍රහයෝගය ආරම්භ වූයේ පසුගිය 2019 අප්‍රේල් 04 වැනිදා සිටයි. කොරෝනා මාරක වසංගතයේ උච්චතම කාලය ඇරැඹෙන්නේත් මෙම කාලයේ සිටයි. අප දන්නා තරමින් මෙම ග්‍රහයන් බද්ධවීම ලොවට එතරම් අයහපතක් ඇති කරන්නේ නැහැ. කෙසේ හෝ මෙම බ්‍රහස්පති – ප්ලූටෝ (ප්ලූටෝ ග්‍රහයා සඳහා සිංහල වදනක් නැත) සුසංයෝගය ගැන මම ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්නට ගත්තා. මෑත කාලයේ ලෝකයේ ඇතිවුණු අතිශය බියකරු මාරක වසංගත දෙකක කාලවකවානු ගැන මම අධ්‍යයනය කළා. 1795 ලොව බිලිගත් කහ උණ වසංගතයත්, 1918 ලොවෙන් අඩක් පමණ විනාශයට පත්කළ ස්පාඤ්ඤ උණ වසංගතයත් ඇති වූ කාලවකවානුවල සිදුවූ ග්‍රහ සංයෝගයන් කුමක් දැයි සොයා බැලුවා. අදහාගත නොහැකි දෙයක් මට දක්නට ලැබුණා. මම සිටි තැනින් බිමට වැටුණා වගේ මට දැනුණා. දෙවියනේ මේක මහා පුදුමයක්. එම වසංගත දෙක තිබුණු කාලවලදීත්, ජුපිටර් – ප්ලූටෝ ග්‍රහ බද්ධය සිදුවී තිබෙනවා. මෙම ග්‍රහයෝගය නිසා වෛරස අධිකාරියක් ඇතිවී තිබෙනවා. මේක මහා පුදුමයක්. අදහාගන්නත් බැහැ. ඒත් ඒක සත්‍යයක් වී තිබෙනවා.’
සුසාන් මිලර් නමැති මෙම ප්‍රකට ජ්‍යොතිෂවේදිනිය මෙම කරුණු ප්‍රකාශ කර ඇත්තේ බොහෝ බුද්ධිමය පරිචයක් යටතේ බැව් පෙනෙයි. පසුගියදා සිදුකළ මෙම ප්‍රකාශය මත ඇයගෙන් මාධ්‍යකරුවන් වැදගත් පැනයක් නඟා ඇත.
පැනය : ඔබගේ ඔය අධ්‍යයනයන්ට අනුව 2021 වසරේදී කොරෝනා වසංගතයේ තත්ත්වය කුමක් වේද?
පිළිතුර : මට අවබෝධ වන ආකාරයට නම් 2020 වසරට වඩා 2021 වසරේදී කොවිඞ්-19 වසංගතය යම් ආකාරයකට සමනයට පත්වේවි. 2021 ජනවාරි 12 වැනිදා වන විට ජුපිටර් (බ්‍රහස්පති) සහ ප්ලූටෝ ග්‍රහ බද්ධය සෙමෙන් ඉවත්වන තත්ත්වයකට පත්වෙනවා. පසුගිය 2020 දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පති සහ සෙනසුරු (Saturn – සැටන්) එකට බද්ධ වීමක්ද සිදුවුණා. මෙය එතරම් බියකරු තත්ත්වයක් නොවෙයි. යහපත සහ අයහපත දෙකම එහිදී සිදුවෙනවා.
ලොව මහා අනාවැකිකරුවන් සහ නක්‍ෂත්‍රකරුවන් කොරෝනා මාරයාගේ ආගමනය ගැන කියාගන්නට බැරිව ඉබාගාතේ දුවන විටදී පසුගිය කාලයේදී ඉන්දියාවේ අවුරුදු 14ක් වයසැති පිරිමි ළමයකු සත්‍ය වූ අනාවැකියක් ප්‍රකාශ කළේය. මේ වන විට ලොව බොහෝ දෙනකු විසින් හඳුනන මොහු ළමා නක්‍ෂත්‍රකරුවෙකි. යම් ආධ්‍යාත්මික බලයක් හරහා නක්‍ෂත්‍රයද උපයෝගී කරගෙන අනාවැකි පවසන මෙම පිරිමි ළමයාගේ නම අභිග්‍යා ආනන්ද්ය. ඔහු කොරෝනා වසංගතය ලොවට අවතීර්ණ වීමට මාස 8කට පෙර, එවැනි බියකරු වසංගතයක් ඇති වීම පිළිබඳව ලොව පුදුම කරවන අනාවැකියක් අන්තර්ජාලය සහ ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය. එවැනි වසංගතයක් 2019 වසරේ නොවැම්බර් වන විටදී ආරම්භ වන බැව්ද ප්‍රකාශ කළේය. කෙසේ හෝ ඔහුගේ එම අනාවැකිය සත්‍යයක් විය. රාජ්‍ය සම්මාන පවා හිමිවී තිබෙන අභිග්‍යා ආනන්ද් 2021 වසරේදී කොරෝනා වසංගතය වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අනාවැකිය වන්නේ, 2021 මැයි 29 වැනිදා පමණ වන විට කොරෝනා වසංගතය සමනයට පත්වීම ආරම්භ වන බැව්ය. ලෝකයේ වත්මන් ආර්ථික කඩාවැටීමද 2021 නොවැම්බර් මාසය වන විටදී අවසන් වනු ඇතැයිද ඔහු තවත් අනාවැකියක්ද ප්‍රකාශ කර ඇත.
2021 නව වසර ලැබූ මෙම කාලයේදී තවත් අපූරු පුවතක් ලෙස වාර්තා වන්නේ, ලොව විවිධ නක්‍ෂතකරුවන් අන්තර්ජාලය භාවිත කරමින් විවිධ ජ්‍යොතිෂය කටයුතුවල නිරත වීමය. මෙය වසර ගණනාවකට තිබුණු ක්‍රියාවලියක් වුවත්, මෙවර එය ඉතා උච්චතම මට්ටමකට පත්ව ඇත. මෙම ලිපිය ලියන අතරවාරයේදී මමද එංගලන්තයේ සිටින ‘ඇස්ට්‍රෝමේරි’ (Astromary) නමැති ප්‍රකට ජ්‍යොතිෂවේදිනියක සමඟ සම්බන්ධ වූයෙමි. ඇය මට පැවැසුවේ 2021දී මට යහපත් කාලයක් උදාවන බැව්ය. එතෙක් බලා සිටිමි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ශිෂ්‍යත්වෙන් ලකුණු අරන් හීන ගොඩක් රන්දා: කාගෙන්වත් උදව් නැතිව පස් අදිනා පැංචා…

Next Post

නාවික නිලධාරීන්ට ගුරුවරුන් විදිහට වැඩකරන්න අනුමැතියක් දී නෑ -අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තුවට කියයි

MORE NEWS

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

Load More
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

Read more
පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.