• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලණි නයා කෝ..?

January 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කැලණි නයා කෝ..?
Share on WhatsAppShare on Facebook

ඡන්දෙට ඔන්න මෙන්න ඇරියේ දාර නයෙක්ද?

නයි සහ මිනිස්සු අතර ලොකුම අවුල ඇති කළේ ඕන්න ඕක කියාපු එකා. එදා ඉඳලා නයෙකුයි මිනිහෙකුයි මුලිච්චි වෙච්ච තැනම කරන කුප්ප වැඬේ පොල්ලක් අරගෙන ගහන එක. අර පොල්ල වරද්ද ගන්න එපා කියන එක මතක් වෙච්ච ගමන්ම මිනිහෙක් නයෙක්ට ගහන එක ටක්කෙටම කරනවා. ඒ කියන්නෙ කෙලින්ම ඔළුවටම ගහනවා. ඒ නිසා මේ ප්‍රකාශයෙ තියෙන්නෙ කළහකාරී බවක්. ඒ වගේම තවත් ඔය වගේම කතාවක් තියෙනවා.
“නයි අරිනවා”
කියලා. ඔය නයි අරිනවා කියන එක ඇහුව ගමන්ම හිතෙන්නෙ ඒක අර විශගෝර සර්පයා දැක නෑරු මෝඩයා කියන එකේ අනිත් එක කියලා. හැබැයි පස්සෙ තේරෙන්න පටන් ගන්නෙ ඒක එකක් මේක එකක් කියන එක. ඒකට වඩා මේක වෙනස්. මේකට වඩා ඒක වෙනස්. හැබැයි මේ නයි ඇරිල්ල ඔය කියන විදිය ඇරුණම තව දෙවිදියකට ගමේ වෙනවා. එකක් වෙන්නෙ සරුංගල් අරින කාලෙට.
හැමෝම දන්නවා නයා කියලා දිග නැට්ටක් තියෙන සරුංගලයක් තියෙනවා. ඒක උඩ අරින කොටත් “නයෙක් ඇරලා” කියන්න පුළුවන්. ඒත් හැබැයි මේ නයි අරිනවා ය කියන එකේ වඩාත්ම ගැලපෙනම තැන ඔය කිසිම එකක් නෙමේ.
“අනේ මේ නයි නෑර හිටු”
කිව්වම ඕං ඕක දන්න කියන උන්දලට නං පට් ගාලා තේරුං බේරුං කර ගන්ට හැකී. ඒත් ඔය සමහර උන්දලා ඉන්නවනෙ, ටියුබ් ලයිට් පොල්ල වගේ ගැස්සිලා ගැස්සිලා අහක්කෙලා කොහු මිටෙනුත් දෙතුං විඩයක්ම ඇන්නට පස්සෙං පහු පත්තු වෙනා. ඒ අයට “නයෙක් අරිනවා” කියන වචනෙ තේරුං බේරුං කොරගැනිල්ල විතරක් නෙමේ, “නයෙක් ඇරලා” කියන එකත් තේරෙන කොට පෙරහැර ගිහිල්ලා. ඒක මේ ලිපියම කියෝලා අහවර වෙන කොට තේරුං බේරුං වේවි.
ඒ කියන්නෙ නයෙක් ඇරලාය කියන එක නෙමේ. නයි ඇරලා නොතේරුණ ඔක්කෝම උදවිය ටියුබ් ලයිට්ය කියලා.
මේ කතා කරන්න යන්නෙ ආයෙමත් කැලණි නයා ගැන. ඒ ගැන ආයෙ කතා කරන්නෙ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ දවස්වල හරියට ඒ ගැන කතා කෙරෙන නිසා. මොකද මේ වෙලාවෙ අපි ඉවරයක් නැතිව කරනා මීඩියා සන්දර්ශනවලින් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ වෙහෙස නිවන ගමන් අපේ අයට කැලණි නයාවත් මතක් වෙනවා. ඒකට හේතුව මේ නයාගෙ කතාවෙන් අපි කාපු ලණුව ලේසි පහසු එකක් නොවෙන නිසා. පහුගිය සතියකත් අපි නයා ගැන ලිව්වා. ඒ ලියපු එකම ආයෙමත් උපුටා දක්වන්නෙ, ඒක නයා ගැන කියපු මරු කතාවක් නිසාමයි.
“කැලණියට නාගයෙක් ධාතු අරගෙන ඇවිල්ලා දැක්කෙ නැද්ද? ඒ ගෙනාපු මනුස්සයා තෙමීගෙන ආවෙ ගඟට ගිහිල්ලා.
ගඟ දෙබෑ වෙලා නාගයෙක් ඇවිල්ලා කරඬුවකින් ධාතු ගෙනල්ලා දෙනවා. ඊට පස්සෙ මූ ඒ නයාව අල්ලලා කොකා කෝලා බෝතලේකට දාලා. අච්චර කරඬුවක් කටින් ගෙනාපු නාගයව, අච්චර අර පුංචි බෝතලේකට දාපු හැටි මම මේ කල්පනා කරන්නෙ.
ඊට පස්සෙ ඔය ගඟ දෙබෑ කරගෙන කැලණි ගඟ මැද්දෙන් මතුවෙන්න පුළුවන් නාගයට බෝතලේ පලාගෙන යන්න බෑ. ඊළඟට ඒ ගෙනල්ලා දුන්න ධාතු කරඬුව තියෙනවනෙ, ඒක ගෙනල්ලා තියෙන්නෙ නාග ලෝකෙන් හරිද? හැබැයි ඒකෙ මේඞ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා.”
මේ වචන මේ විදියටම ඔප්පු කරන්ඩ පුළුවන්. උන්දලා දන්න කියන අය. ඒ නිසා අපි ඕවා කිව්වා නම් වැරදියි. මේ කියන විදියට නං ඒ නයා ආපු කතාව බොරුවක් වගේ. විශේෂයෙන්ම මෙන්න මේ කොටස අස්සෙ තියෙන්නෙ පුදුම වංචාවක් වගේ.
“අච්චර කරඬුවක් කටින් ගෙනාපු නාගයව, අච්චර අර පුංචි බෝතලේකට දාපු හැටි මම මේ කල්පනා කරන්නෙ”
“ඔය ගඟ දෙබෑ කරගෙන කැලණි ගඟ මැද්දෙන් මතුවෙන්න පුළුවන් නාගයට බෝතලේ පලාගෙන යන්න බෑ”
“ගෙනල්ලා දුන්න ධාතු කරඬුව තියෙනවනෙ, ඒක ගෙනල්ලා තියෙන්නෙ නාග ලෝකෙන් හරිද? හැබැයි ඒකෙ මේඞ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා.”
මේවා ඇත්තනං, තර්කානුකූලව කැලණිය පන්සලේ මේ සම්පූර්ණ ක්‍රියාන්විතයම බොරුවක් වෙනවා. එහෙම උනාම ලොකුම හානිය වෙන්නෙ දැං ඉන්න උන්නාසෙලට නෙමෙයි. බුදුන් තුන්වෙනි වර වැඩි දා සිට
“උපන්දා සිට කරපු පව් නැත,
වරක් වැන්දොත් කැලණියේ”
කියලා ආගිය මිනිස්සුන්ට. ඒ වගේම ඉතිහාසයේ ආදරය දිනා ගත්ත අභිමානවත් පුදබිමකට. ඒක ලේසියෙන් නිවරදි කරන්න බැරි වරදක් වේවි. ඒ වගේම ඒ වෙලාවෙ මේ කරඬුව හොයාගෙන පෝලිමේ වඳින්න ගිය උපාසක අම්මලත් පව්. ඒ වෙලාවෙ නෙලුම් පොහොට්ටුවක් අතට දීලා “සාධාරණයක් කරන්න කියපු” උන්නාන්සේලත් පව්. තිස්ස සර් මොනවා කිව්වත් “නයා හිටියෙ කොකා කෝලා බෝතලේක නෙමේ, ඇමරිකන් වෝටර් ලීටර් පහේ බෝතලයක”
කියලා කියන්න සමහරු මේ වෙලාවෙ උත්සහ කරාවි. ඇත්තටම ඒක ඇත්ත කතාවක්. අපිටත් ඔය ගැන පොඩි මතකයක් තියෙනවා. ඒ වෙලාවෙ අපිට හිතුනෙ වෙන එකක්.
රාජ තාන්ත්‍රික මට්ටමින් ධාතු කරඬුවක් අරගෙන ආපු නාග ලෝකෙ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයව, බෙල්ලෙන් අල්ලලා බෝතලේකට දැම්ම, නාග ලෝකෙ සේනාවක් එවලා අපිට ගහයි වගේ එකක්. ගහලා අපේ රට අල්ල ගත්ත නම් ඡන්දෙ තියන්න වෙන්නෙත් නෑ, ගෝඨාභය මහත්තයට ජනාධිපති වෙන්න වෙන්නෙත් නෑ. එහෙම වුණා නම් මේ වෙනකොට අපිව පාලනය කරන්නෙ හෙන නයෙක්. එහෙම නයෙක් පාලනය කරනවා නං එයා ගෙ යටතෙ අගමැති වෙන්නත් හෙන නයෙක් නෙ. නයා යටතේ කැබිනට් එකටත් නයිම එයි. කැබිනට් ප්‍රකාශක හෙන නයි අරී මාධ්‍යවේදීන්ට එන්ඩ කියලා. එහෙම උනාම හමුදා පොලිස් මාධ්‍ය
ප්‍රකාශකලට වෙන්නෙත් නයි අරින්න. ටී.වී. එකේ රේඩියෝ එකේ නයිම රජ වෙයි. ඒ නයි සෙල්ලමෙන් නයින්ට වෙන පාඩුවකුත් නෑ. නයි නටවන දේශපාලකයින්ට වෙන පාඩුවකුත් නෑ. නයි එක්ක ගේමක් ගහලා නයාගේ පිහිටෙන් ගොඩ යන කීපදෙනාටත් අවුලක් නෑ. එතකොට අවුල තියෙන්නේ කාටද? අවුල තියෙන්නේ අපිට. අවුරුදු කාලෙට නයි බෝඞ් එකේ කරන සෙල්ලම මතකද? අර දාදු කැටයක් උඩ දාලා ඒ වැටෙන ගාණ අනුව අපේ ඉත්තව උඩට ගෙනියන සෙල්ලම. ආං ඒ සෙල්ලමේදී නයෙක් හම්බවුණොත් මොකද වෙන්නේ ? කොච්චර උඩ ගියත් නයාගෙන් පහළට යන්නම වෙනවා.
මේ සෙල්ලමත් එහෙම තමයි. නයාගෙන් වෙන්නේ පහළට යන්න. නයි ගැන බ්‍රේකින් නිව්ස් ගහපු සමහර මාධ්‍ය පට්ට බොරුකාරයෝ කියලා තේරෙන්න ධම්මික මහත්තයා පැණිය හදනකම්ම ඉන්න වුණ එකයි දුක. එහෙම නොවුණනම් පෝලිමේ කැලණි ගිහිල්ලා නයා බලන්නේ නැතුව ගෙදරට වෙලා නිදාගන්නවත් තිබුණා. හැබැයි අපරාදේ කියන්න බෑ අපේ රටේ හුගක් අයියලා මේ නයාට අහු වුණා. ඒකෙන් රටට වෙච්ච දේ හොඳක්ද, නරකක්ද කියලා දේශපාලන විද්‍යාත්මකව නැත්නම් ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කරගන්න එක වෙනම වැඩක්. ඒක අපි පස්සේ කරගමු. මොකද මුළු ලෝකෙම එක පිට එක කඩාවැටිච්ච කාලෙක ආර්ථික දර්ශනයකින් දේශපාලනයේ දිග පළල මනින්න බෑ. ඒත් මේ ඇරපු නයා ගැනනම් අපිට සාමාන්‍ය මිනිස්සු විදිහට සාධාරණ රිදුමක් තියෙනවා. මොකද මිනිස්සු ගොන්නු කියලා නිගමනවලට එළඹෙන පාලකයෝ සහ මාධ්‍යවේදියෝ ඊළගට ජනතාවට තණකොළ මිටි දෙන්න යෝජනා කරන්න ඉඩ තියෙනවා. අන්න එදාට අපිට වෙන්නේ උම්බෑ කිය කියා මැතිවරණ පොළට ගිහිල්ලා කාගේ හරි නමක් ඉස්සරහින් කතිරයක් ගහන්න. දැනටත් ඊට වඩා මහා කෙංගෙඩියක් නොකරන හින්දා නයා නිසා අලුතෙන් වෙන දේකුත් නෑ හැබැයි.
ඒත් අපි මේ නයා ගැන හොයන්න තීරණය කළා. ඕක ඔහොම කියපු ගමන් නයි නටෝපු කට්ටිය අපිට පෙනේ කරනවා කියලා අපි දන්නවා. හැබැයි අපි කළින්ම කිව්වනේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා. එ නිසා අපිට සාධාරණ සැකයක් තියෙනවා. මේ නාග ලෝකෙන් ආපු නයා කෝ කියන එක. ඒ වගේම මේ කරඬුව කෝ කියන එක ගැන. අපි විවෘතව ප්‍රශ්න කරනවා. මේ කතාවේ ඊළඟ කොටස මොකක්ද?
දැන් ඉතින් ඔය කොයික වෙතත් නාග ලෝකෙන් ආපු නයා ගැන අපි අහලා බැලුවෙ ලංකාවේ ඉන්න නයි ගැන හොඳටෝම දන්න කෙනෙක්ගෙන්. ඒ තමයි නිහාල් සෙනරත් මහත්තයා. නිහාල් මහත්තයා රැකියාව කරන්නෙත් දෙහිවල සත්ව උiානයේ අධ්‍යයන නිලධාරිතුමන් විදියට. ඔහු සර්පයන් සම්බන්ධව ඉතාම පුළුල් දැනුම් සම්භාරයක් සහිත කෙනෙක්. ඒ වගේ නිහාල් මහත්තයා සර්පයන් අරගෙනම ගිහිල්ලා රටපුරාම දේශන පවත්වන කෙනෙක්. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නෙ ඉතාම සරල කාරණයක් දැනගන්න.


ඒ තමයි මෙන්න මේ ටික.

  1. ඇත්තටම නාග ලෝකෙන් නයි යනවද එහෙම ආපු කෙනෙක්ව හමුවෙලා තියෙනවද?
  2. ඔය කැලණියට ආපු නයා. එතැනින් පස්සේ විශේෂ නයෙක් විදියට කතාබහට ලක්වුණාද?
  3. එහෙමත් නැත්නම්, ඒ ආපු නයාව කොහෙදි හරි මුණගැහුණද?
    හැබැයි මේ ප්‍රශ්න ඔක්කොම ටිකක් ගොං ප්‍රශ්න වගේ හිතෙන බව ඇත්ත. ඒත් අපේ රටේ දහස් ගණනක් මේ නයා බැඳලා, ධාතු බලල ආපු නිසා මේ වගේ ප්‍රශ්නයක් ජාතික වශයෙන් වටිනා කාරණයක් පෙනුණා. ඒ නිසයි ඇහුවෙ. ඒ මහත්තයගෙන් මේ කාරණා ටික දැනගන්න අවශ්‍ය නිසා වටෙන් ගොඩෙන් ඇහුවම එයා කළේ මෙන්න මෙහෙම උත්තර දීපු එක ප්‍රශ්නෙ වුණාට උත්තරය ශාස්ත්‍රීයයි. හැබැයි ප්‍රශ්නෙත් නයි ගැන, උත්තරෙත් නයි ගැන.
    මම සර්පයන් අතින් අල්ලමින් දේශන පවත්වන කෙනෙක්. මම ලංකාවෙ හැම තරාතිරමක අයට දේශන තියලා තියෙනවා. ඒ නිසා මට යම් විශ්වාසයක් තියෙනවා මම මේ සබ්ජෙක්ට් එක දන්නවා කියලා.
    අපි දන්න විදියට ජානමය තත්ත්වයන් ගැන විශ්ලේෂණය කරන කොට ලංකාවේ ඉන්නෙ එකම එක නාග විශේෂයයි. ඒ තමයි නාග නයා කියන්නේ. එතකොට ඉන්දියාවෙ ඉන්නෙ නාගයයි, ලංකාවෙ ඉන්න නාගයයි එකම වර්ගයට අයත්. හැබැයි ලංකාවයි ඉන්දියාවයි වෙන් වුණාට පස්සෙ අපේ නයා යම් උප විශේෂයකට වෙන් කරලා තියෙනවා. අපි දන්න විදියට ලංකාවෙ වෙන කිසිම නාග විශේෂයක් ගැන දැනගන්න ලැබෙන්නෙ නැහැ.
    මේ නාගයාගෙම යම් යම් සුළු වශයෙන් වර්ණ වෙනස්කම් හඳුනාගන්න පුළුවන්. ඒ වගේම සුදු වර්ණය සහිත නාගයො හමුවෙලා තියෙනවා. දැන් මේක අර පහත් අනුව, ප්‍රදේශ අනුව වෙන සුදු වෙනස්කම්වලට වඩා වෙනස් එකක්. සුදු වර්ණය සහිතව ඉන්න නමුත්, ඇස් රතු නම් අපි ඒ නාගයාට කියන්නෙත් දැලි නාගයන් කියලා. ඒ අයත් අයිති අපේ රටේ ඉන්න සාමාන්‍ය නාග වර්ගයටම තමයි.
    ඊට අමතරව ලෝකයේ වෙන රටවල නම් ඉන්නවා අපේ එකාට වඩා වෙනස් වර්ග. දැන් ඊජිප්තුවේ ඉන්නවා ඊජිප්තුවේ කෝබ්‍රා, එතකොට ඉන්දියාවේ ඉන්නවා කින්ග් කෝබ්‍රා, තායිලන්තය වගේ රටවලත් නයා ඉන්නවා. එයා අපේ රටේ නාගයාට කිස්සේත්ම සම්බන්ධයක් නැහැ.
    මං දන්න තරමට වෙනත් ඔය නාග ලෝකෙන් ආවා අරහෙ, මෙහෙ කියන කිසිම වර්ගයක් අපිට හමුවෙලා නැහැ. ඒවා විiාත්මක තහවුරු නොකළ ප්‍රකාශ කියලයි මට හිතෙන්නේ.
  • ජීවන පහන් තිළිණ
SendShareShare
Previous Post

අනුරපුර යුගයෙන් පසු රජගල අමතක වුණාද? (2 කොටස)

Next Post

බැසිල් පාර්ලිමේන්තු එන දිනය බැසිල්ම හෙළිකරයි (VIDEO)

MORE NEWS

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

Load More
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

Read more
පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.