හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වසමින් සිටියදී නාඳුනන පිරිසක් පැහැරගෙන ගිය බව කී උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර පුළුස්සා දමා සිරුර කොටදෙනියාව කනත්තේ දමා ගොස් තිබියදී ඊයේ (04 වැනිදා) සොයාගෙන තිබේ.
එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ගල්නෑවේ සිරිධම්ම (23) හිමියන් විසින් සිරුර හඳුනාගත් බව කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි.එම්. පුෂ්පකුමාර මහතා පැවසීය.
ඉකුත් දෙවැනිදා රාත්‍රීයේදී එම සේනාසනයට කඩාවැදුණු දස දෙනෙකුට අධික පිරිසක් එම හිමිනමට පොලු වලින් පහරදී වෑන් රථයක දමාගෙන පැහැර ගෙන ගොස් තිබිණි.
මෙම සේනාසනයේ වසර 16 ක සිට වැඩ වසන ගල්නෑවේ සිරිධම්ම හිමියන්, ඝාතනයට ලක්වූ උඩුවිල සිරිධම්ම හිමියන්ගේ නිකට ප්‍රදේශයෙන්, දත් වලින් සහ මෑතක දී අත් පා වල කපා තිබූ නියපොතුවලින් එලෙස හඳුනා ගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයක්ද සමඟ පුද්ගලයෙකු හංවැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි
කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියේ මළ සිරුරක් මිහිදන් කළ වළක් මත සිරුරක් දැවෙන බවට කොටදෙණියාව පොලිසියට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.
කන් වලින් මුඛයෙන් හා නාසයෙන් ලේ ගලන තුවාල සහිතව තිබූ එම මළ සිරුර මුහුණ දැඩි ලෙස පිලිස්සී තිබිණි.










