කොරෝනා රෝගියකු වාර්තා වීමත් සමග ශ්රී ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත.
මුතුරාජවෙල ලිහිසි තෙල් අංගණයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර තිබියදී මෙම සේවකයා එම පරික්ෂණ ප්රතිඵල නිකුත් වීමට පෙර ප්රධාන කාර්යාලයට පැමිණ ඇති බව සඳහන් වේ.
මෙම සේවකයා ප්රධාන කාර්යාලයේ අංශ ගණනාවක සංචාරය කර ඇති බව ප්රධාන කාර්යාලයේ ආරක්ෂක අංශ වාර්තා කරයි.
පරීක්ෂණ වාර්තාවට අනුව එම සේවකයා කොවිඩ් රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ආයතන දෙකම වසාදමා ඇත.










