• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 48000ක ඉතිහාසයෙන් මතුවුණු හෙළයන්ගෙ භූමදාන චාරිත්‍ර

January 4, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
අවුරුදු 48000ක ඉතිහාසයෙන් මතුවුණු හෙළයන්ගෙ භූමදාන චාරිත්‍ර
Share on WhatsAppShare on Facebook

භූමදානය කියන වචනය ඇහෙන පමාවට විවිධ කාරණා අද වෙනකොට මතකයට නැඟෙන අතර වර්තමානයේ බොහෝ රටවල් විවිධාකාරයෙන් භූමදාන කටයුතු සහ චාරිත්‍ර සිදුකරනු දැකිය හැකියි. ඒ ඒ රටවල විවිධ චාරිත්‍රයන්ට අනුව තම තමන්ට ආවේණික භූමදාන ක්‍රම බොහෝමයක් රටවල භාවිතයට ගැනෙන අතර, ඒ සඳහා විවිධාකාර සමරුඵලක, සමරු සිහිවටන ආදිය භාවිත කිරීමත් දක්නට ලැබෙනවා. එහෙත් වර්තමානයේ එවැනි බොහෝමයක් දියුණු යැයි සම්මත භූමදාන ක්‍රම ශිල්ප පරදුවන තරමේ අතිශය දියුණු භූමදාන ක්‍රමවේදයක් සහ ඊටම අදාළ වූ චාරිත්‍ර වාරිත්‍ර රැසක් මෙරට ජීවත් වූ ආදි මානවයා භාවිත කර ඇති බව මේ වනවිටත් කැණීම් කටයුතු මගින් සාක්‍ෂි සාධක සහිතව ඔප්පු කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ආදිතම සංස්කෘතික අවධි තුළ මානවයා තම ජීවිත ගතකරමින් සිටියදී මියගිය සිය ඥාති මිත්‍රාදීන් ඉතාමත් විශිෂ්ට ක්‍රම උපායන් භාවිත කරමින් භූමදානය කර ඇති අයුරු එම කැණීම්වලින් හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුග අතරින් මෑතකාලීනව විස්තරාත්මකව අනාවරණය කරගෙන ඇත්තේ මධ්‍ය ශිලා යුගය පිළිබඳවය. එහිදී මධ්‍ය ශිලා යුගය පිළිබඳව අනාවරණය කෙරෙන ස්ථාන වශයෙන් ඉරණමඩු පාංශු සංකීර්ණය මෙන්ම ගුහා තිබීමද වැදගත් වෙයි. එමෙන්ම ගුහා නිධි අතර කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන, බුලත්සිංහල පාහියන් ලෙන, වරකාපොළ දොරවක කන්ද, අත්තනගොඩ අළුලෙන, සීගිරිය පොකුණ ඇතුළු තවත් ස්ථාන ගණනාවක් සඳහන් කළ යුතුය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති විiාත්මක කාලනිර්ණ ලෙස බුලත්සිංහල පාහියන් ලෙන ආදිය වසර 48,000ක්, කුරුවිට බටදොඹ ලෙන අදින් වසර 37,000ක්ද, කිතුල්ගල බෙලි ලෙන අදින් වසර 31,000ක්ද, අත්තනගොඩ අළුලෙන අදින් වසර 10,350ක්ද, බෙලි ලෙන අදින් වසර 8,230ක්ද, කුරුවිට බටතොට දහයියා ලෙන අදින් වසර 7,680ක්ද, බෙල්ලන්බැඳි පැලැස්ස අදින් වසර 12,000ක්ද, මිනී ඇතිළිය අදින් වසර 6,000ක්ද, අනුරාධපුර අදින් වසර 5,900ක්ද, මාතොට අදින් වසර 5,800ක්ද, අලිගල අදින් වසර 5,500ක්ද ආදී වශයෙන් කාලනිර්ණ ලැබී ඇත.

එම යුගයට අයත්ව එළිමහන් වාසස්ථාන සහ ලෙන් තුළින් හමුවෙන භෞතික සාධක අතර මානව සැකිලි අතිශයින්ම වැදගත් වන අතර, එමඟින් මධ්‍ය ශිලා මානවයාගේ ශවෝපාචාර ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමටද හැකි වී තිබේ.
බළන්ගොඩ මානවයාගේ අභිචාර සහ සුසාන චාරිත්‍ර පිළිබඳ විමර්ශනයේදී ඔහුගේ භූමදාන කටයුතු වැදගත් වන අතර, මිනිසකු මියගිය විට ඔවුහු වළදමා තිබීම ඒ අතරින් ප්‍රමුඛ වෙයි. එසේ මියගිය පුද්ගලයකු වළ දැමීමේදී නම් හකුළා වළ දැමීම හෙවත් උක්කුටියෙන් වළ දැමීම සුවිශේෂී කරුණක් වන අතර, ඒ බව බෙල්ලන් බැඳි පැලැස්ස, රාවණ ඇල්ල සහ මිනී ඇතිළියෙන් හමුවී ඇති සාධක මැනවින් තහවුරු කරයි. එසේම කුරුවිට බටදොඹ ලෙනෙන්ද භූමදාන කරන ලද පුද්ගලයන් 38 දෙනකුට අයත් සාධක පුරාවිiා කැණීම්වලින් හඳුනාගෙන තිබේ.

ප්‍රාථමික දඩයම් ජීවිතයක් ගත කළ බළන්ගොඩ මානවයා විසින් මියගිය පුද්ගලයකු භූමදාන කරන විට වළ දැමීමේදී බටහිර දෙසට හිස සිටින සේ වළ දමා තිබීමද අතිශයින් වැදගත් වෙයි. වර්තමානයේද මිනිසකු මියගිය විට වළදමනු ලබන්නේ බටහිරට හිස දමාය. බළන්ගොඩ මානවයා මියගිය පුද්ගලයකුගේ හිස බටහිර දෙසට හිටින සේ වළ දැමීමට හේතුව පිළිබඳව විමර්ශනයේදී පැහැදිලි වන්නේ එම මිනිසා ස්වභාවික පරිසරයේ දුටු ස්වභාවික සිදුවීම් සිය ජීවිතයටද ආරෝපණය කර ඇති බවකි. එනම් ඔහු පරිසරයේ ප්‍රධානතම වැදගත් වස්තුව දෙස දුටුවේ සූර්යාය. සූර්යාගේ හැසිරීම ඔවුන් දිනපතා දැක ඇති හෙයින් එම සිදුවීම්වලින් උපත සහ මරණය පිළිබිඹු වන බව ඔවුන් අත්දැක තිබේ. එනිසා නැඟෙනහිර ඉපදීමත්, බටහිර මියයෑමත් සංකේතවත් කිරීමේ අරමුණින් බළන්ගොඩ මානවයා මිනිසකු මියගිය විට හිස බටහිරට දැමීම තුළින් සංකේතවත් කළ බව අනුමාන කළ හැකිය.

මේ ආදි මානව විසින් සිදුකළ තවත් සුවිශේෂී භූමදාන චාරිත්‍ර රැසක් හඳුනාගෙන තිබේ. ඒ අතර, පුද්ගලයකු මියගිය පසු වළදමා මස් දියවූ අස්ථිවල ගුරුගල් ආලේප කිරීම පිළිබඳ තොරතුරුද බටදොඹ ලෙන, බෙලිලෙන ඇතුළු තවත් ලෙන් රාශියකින් හඳුනාගෙන තිබේ.

එම පුරාවිiා තොරතුරු අනුව පැහැදිලි වන්නේ ලංකාවේ අවමංගල්‍ය චාරිත්‍රවල මූලාරම්භය ශ්‍රී ලංකා සමාජය විසින් ලබාගෙන ඇත්තේ ප්‍රාග්ඓතිහාසික මධ්‍ය ශිලා ආදියේදී බවය. ඊට හොඳම උදාහරණය වර්තමානයේද මිනිසකු මියගිය පසු බටහිරට හිස දමා භූමදාන කිරීමයි. තවද ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයෙන් පසුව පූර්ව ඓතිහාසික සංස්කෘතික අවධියේදී වඩාත් විදිමත් වූ භූමදාන ක්‍රමවේද භාවිතයට ගෙන ඇති බව මේ වෙද්දී අනාවරණය කරගෙන තිබේ.

එහිදී පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇති ආකාරයට එම සුසාන ආකෘති අතර මැටි ඔරු සුසාන ශිලා මංජුසා සුසාන, ශිලා මණ්ඩල සුසාන, ශිලා කේතුක සුසාන, ශිලා පෙළ සුසාන, ශිලා ටැඹ සුසාන, බරණි සුසාන, ශිලා මඤ්චක සුසාන යන සුසාන ආකෘති ශ්‍රී ලංකාව ඇසුරින් හඳුනාගෙන තිබේ.

මේ කරුණු අනුව වඩාත් හොඳින් පැහැදිලි වන කාරණයක් වන්නේ, වර්තමානයේ බොහෝ දියුණු යැයි සම්මත රටවල පවා විස්මයට පත්වෙන මෙම භූමදාන ක්‍රමවේද සහ චාරිත්‍ර ඇසුරින් මෙරට මිනිසා අදින් වසර ගණනාවකට පෙර කොතරම් දියුණු තත්ත්වයක සිටියේද යන්න මනාව පැහැදිලි වෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කබීර්ගේ ‘එකතු වෙමු’ යෝජනාවට මෛත්‍රීපාලගෙන් කොළ එළියක්

Next Post

චීනය මුහුද යටින් ගිහින් රටවල්වල ඔත්තු බලා මාට්ටු

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.