• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වික්‍රමාරච්චි 2020ට කියපු අනාවැකි හරිගියාද-වැරදුණාද? විශේෂ හෙළිදරව්ව මෙන්න

December 29, 2020
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
වික්‍රමාරච්චි 2020ට කියපු අනාවැකි හරිගියාද-වැරදුණාද? විශේෂ හෙළිදරව්ව මෙන්න
Share on WhatsAppShare on Facebook

සෑම වසරක්ම අවසානයේ එළැඹෙන වසර පිළිබඳව අනාවැකි පළ කිරීම සාමාන්‍ය සිදුවීමකි. එළැඹෙන 2021 වසර සඳහාද ඒ ආකාරයෙන් පළ වූ අනාවැකි රැසක් දක්නට ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අනාවැකිකරුවන් අතර ඉදිරියේම සිටින ප්‍රසිද්ධ අනාවැකිකරුවෙකු ලෙස ගම්පහ වික්‍රමආරච්චි වෙද මහතා හඳුන්වා දිය හැක. එළැඹෙන වසර කෙබඳු වේදැයි යන්න සම්බන්ධයෙන් ඒ මහතා ඉදිරිපත් කළ අනාවැකි සඳහාද මේ වන විට විශාල ජනප්‍රියත්වයක් හිමි වී ඇත.
ඒ ආකාරයෙන් පසුගිය 2019 වසර අවසානයේදීද 2020 වසර කෙබඳු වේදැයි යන්න පිළිබඳව අනාවැකි පළ කිරීමට වික්‍රමආරච්චි වෙද මහතා කටයුතු කළේය. ඒ පිළිබඳව ජනතාව තුළ වූ දැඩි උනන්දුව නිසාම වික්‍රමආරච්චි මහතාගේ අනාවැකි සඳහා පිටුවක් පුරා ඉඩ කඩ වෙන් කිරීමට අප පුවත්පත කටයුතු කළේය. නමුත් එම අනාවැකි පිළිබඳ කිසිදු වගකීමක් අප නොගන්නා බව එහිදී සඳහන් කිරීමටද අප අමතක කළේ නැත. දැන් 2020 වසර අවසන් වී ඇත. 2021 ගැන පළ කර ඇති අනාවැකි පිළිගැනීමට නම් 2020 පිළිබඳව පළ කළ අනාවැකි සත්‍ය වී තිබිය යුතුය. එළැඹෙන 2021 වසර සම්බන්ධයෙන් පළ වී ඇති අනාවැකි ගැන විමසීම පසෙක ලා 2020 වසර සම්බන්ධයෙන් පළ වූ අනාවැකි පිළිබඳව විමසීමට අප අදහස් කළේ ඒ සඳහා ඔබට සහාය වීම උදෙසාය.

එදා කියපු කතා…

වික්‍රමආරච්චි මහතා ප්‍රකාශ කළ අනාවැකි අතරින් ප්‍රධාන එකක් වූයේ 2020 වසර තුළ දළඳා වහන්සේගෙන් මහා ප්‍රාතිහාර්යයක් සිදුවන බවට කළ ප්‍රකාශයය. එමෙන්ම රටම ආදරය කරන හිමිනමකට අපලයක් සිදු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. “දන්ත ධාතූන් වහන්සේගෙන් සිදුවන ආශ්චර්යය රටේ දේශපාලනය තුළ කැලඹීමක් ඇති කිරීමට හේතු වේවි.” ඒ වික්‍රමආරච්චි මහතාගේ අදහස්ය.

වික්‍රමආරච්චි මහතා 2020 වසර සම්බන්ධයෙන් පළ කළ තවත් අනාවැකි කිහිපයක් මෙසේය.

“සමාජයීය වශයෙන් ගත්තොත් මුලින්ම කියන්න ඕනේ ජාත්‍යන්තර වශයෙන් කුමන්ත්‍රණයක්, නීතිමය ගැටලුවක් රටට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නීතිමය ගැටලුවක් රටට පැන නඟින්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර සංවිධානවලින් ලංකාවට එරෙහිව දියත් කරන කුමන්ත්‍රණයකුත් මේ වසරේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සුවිශේෂී රටවල් තුනක් එකට එකතු වෙලා තමයි ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. ඒ තුළින් රටට අපකීර්තියක් වගේම රටේ ඉහළ දේශපාලනඥයන් කිහිප දෙනකුට යම් හානියක් වෙන්නත් ඉඩ තියෙනවා.”

“ඒ වගේම ලංකාවම ආදරය කරපු නිළියකගේ මිය යෑමත් ඉදිරි වසර දෙක තුළදී සිදු වෙනවා. ඒ වගේම ගායනයෙන් රංගනයෙන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල දක්ෂතාවයක් දක්වපු කෙනකු සුව කළ නොහැකි රෝගී තත්ත්වයකට පත් වීමත් ඉදිරි දෙවසර තුළ සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුගේ මිය යෑමත් ඉදිරි වසර දෙක තුළදී සිදු වෙනවා.”

ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන්ද අනාවැකි පළ කිරීමට වික්‍රමආරච්චි මහතා එහිදී අමතක නොකළේය. එලෙස පළ වූ අනාවැකි කිහිපයක් මෙයාකාරය.

“තුන්වන ලෝකයේ සුවිශේෂී වූ රටවල් කිහිපයක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන අතර එංගලන්තයේ අගමැති කෙනකුගේ මිය යෑමත් සිද්ධ වේවි. ඒ වගේම ලෝකයේ ප්‍රධාන රජ පවුලකට සම්බන්ධ කාන්තාවක් මිය යෑමත් ඉදිරි කාලයේදී සිද්ධ වේවි. පාරිසරික වශයෙන් භූමිකම්පා, ගංවතුර සහ කාල විපර්යාස සිදුවන වසර දෙකක් විදියට ශීත කාලය උණුසුම් වෙන්නත්, උණුසුම් කාලය ශීත වෙන්නත් පුළුවන් වසරක් බවට මේ කාලය පත් වේවි. නොසිතූ ආකාරයක සුනාමි අවදානමක් ජපානය, මාලදිවයින සහ ඒ ආශ්‍රිත රටවල්වලට බලපාවි. ඒ වගේම නැවතත් ලංකාව ගැන කතා කළොත් මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ලංකාවේ ප්‍රධාන වනාන්තරයක් දැවී යාමත් ඉදිරි කාලයේදී සිද්ධ වේවි.”

අප ඉහත තෝරා ගත්තේ වික්‍රමාරච්චි මහතා පළ කළ අනාවැකි අතරින් වැඩි අවධානය යොමු වූ කිහිපයක් පමණි. ඒවා අතරින් සැබෑ වූයේ මොනවාද යන්න තීරණය කිරීම අප පාඨක ඔබට බාර දෙන්නෙමු. එමෙන්ම වික්‍රමආරච්චි මහතාට අමතරව තවත් දිවයිනේ ප්‍රසිද්ධ අනාවැකිකරුවන් රැසක්ම 2020 වසර පිළිබඳව අනාවැකි පළ කළ අතර ඒ ඇතැමුන් පවසා තිබුණේ 2020 යනු කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් වන බවය.

2021 සම්බන්ධයෙන් පළ වී ඇති අනාවැකි විශ්වාස කිරීමට පෙර පෙර පළ වූ අනාවැකි පිළිබඳ නුවණින් විමසා බැලීම කළ යුතු බව අපේ අදහසය. මේ සටහන මෙලෙස පළ කරන්නේ ඒ සඳහා උපකාරී වීම සඳහාය. අනාවැකිකරුවන් කිසිවකු සමඟ අපගේ පුද්ගලික අමනාපයක් හෝ තරහක් නැති බවද මෙහිදී සඳහන් කළ යුතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අලුත් වෙනසක්: විමල්-හරීන්-දයාසිරි-මනූෂ එකම වේදිකාවේ (PHOTOS)

Next Post

කොරෝනා අස්සේ නාගොඩින් වාර්තාගත මරණයක්

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.