රජය අපහසුතාවයට පත්කරලීම සහ ඉස්ලාම් භක්තිකයින් තුළ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩහසර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර ඇති ආගමික අයිතියට ගරු කරමින් මුස්ලිම් මළ සිරුරුරු භූමදානය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික අනුකමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබේ.
විෂබිජ භූගත නොවන පරිදි ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණයක බහා භූමදානය කිරීමට හෝ භූවිද්‍යා සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් නිර්දේශ කරන ඒ හා සමාන වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස මහා සංඝරත්නය ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් තීරණයක් ගන්නා ලෙසද ශ්‍රී ලංකා අමරපුර සහ රාමාඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ලිපියට මහා සංඝරත්නයට අමතරව කතෝලික සහ ඉස්ලාම් ආගමික නායකයින්ද අත්සන් කර තිබේ.










