කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (25) ද 300ක් ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
නව කොවිඩ් ආසාදිතයින් 551 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 541 දෙනෙකු ද බන්ධනාගාර ආශ්රිත කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 10 දෙනෙකු වශයෙන් එළෙස ඊයේ වාර්තා වූ ආසාදිතයින් හඳුනාගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක් වශයෙන් ද ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 39,782ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 31,339කි.
කොවිඩ් -19 ආසාදිතයින් 8,258 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව ද 186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.










