මේ දිනවල මුලතිව් ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුකොට ගෙන මුලතිව් වව්නිකුලම් වැව වාන්දැමීමට ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව බලධාරීන් දැනුම් දී ඇත්තේ කිසිදු හේතුවක් මත වැව ජනතාව විසින් නැරඹීම හෝ ධීවර කටයුතු සිදු කිරීම හෝ ස්නානය කිරීම හෝ නොකළ යුතු බවය.
පසුගිය දිනෙක වව්නිකුලම් වැවේ ජලය පිරී ඇති අයුරු නැරඹීමට ගිය කැබ් රථයක් වැවට පෙරළී පියා, අවුරුදු 13ක පිරිමි දරුවා සහ අවුරුදු 3ක දියණිය අවාසනාවන්ත ලෙස මියගොස් තිබිණ.










