දේශීය සම්පත් ආරක්ෂා කරන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දේශීය සම්පත් විකිණීම අරඹමින් ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එහිදී ලංකාවේ අමාත්‍යවරයා වන රෝහිත අබේගුණවර්ධන මහතා ඉන්දීය නියෝජිතයා වන අදානි සමාගමේ නියෝජිතයකු මෙන් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා කීය.










