කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතාගෙන් පසු රිටිගල සින්හක්කාර වෙද පරපුරෙද කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පැණියක් නිපදවා ඇත.
රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර දේවයන්වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කරනු ලැබ තිබේ.
වසංගත තත්වයක් ඇති වූවාට පසු එය ඇති වූ ආකාරය සහ ඒ සඳහා භාවිතා කරන ඖෂධ සම්බන්ධයෙන් රාවණා පරපුරේ ලියවුන සන්නස්වලට අනුකූලව මෙම පැණිය නිපදවා ඇති බව රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර දේවයන්වහන්සේ සදහන් කොට ඇත.










