ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිප දෙනකු විසින්ම විරෝධය පළ කොට ඇති බව දැනගන්නට ඇත.
විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් සදහන් කරන දේ පිළිබදවම විශ්වාසය නොතබන ලෙසත්, ස්වාධින පාර්ශ්වයන්ගෙන් අදහස් විමසා බලන ලෙසත් මෙහිදී ඇමැතිවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබේ.
මෙහිදී ඇමැතිවරුන් රැසක්ම පෙන්වා දී ඇත්තේ අදාළ කොමිසම පනතක් මගින් පිහිටුවා ඇති නිසා පනතක් මගින්ම එය අහෝසි කළ යුතු බවත්, ලිපියක් යැවීම හරහා එය කළ නොහැකි බවත්ය.










