කෑගල්ලේ ධම්මික වෙද මහතා විසින් කොරෝනා පැණිය බෙදීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ කැඳවීමක් අනුව ඔහු හමුවීමෙන් අනතුරුව ධම්මික වෙද මහතා මේ බව සදහන් කර තිබේ.
අදාළ වෛද්‍ය විශේෂඳ වාර්තා ලැබෙන තුරු අදාළ පැණිය බෙදාදීම නවතන ලෙස මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඖෂධය බෙදීම ඊයේ පස්වරුවේ නතර කෙරිණ.
ඊයේ පෙරවරුවේ එම වෙදමහතාගේ දේවාලයට දහස් ගණනක් රැස්වූයේ එම ඖෂධය නොමිලේ පන්දහසකට බෙදා දෙන බවට වෙදමහතා කරතිබූ ප්‍රචාරය හේතුවෙනි.










