රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟ මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා ඇත.
පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් පැවසුවේ කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවය.
එම නිලධාරියා ප්‍රතිකාර ලැබු නේවාසිකාගාරය විෂබීහරණය කිරීමට ද කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
නැගෙනහිර පළාත් තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332 කි.










