• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලයි මගෙ නැට්ට (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 5, 2020
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
අල්ලයි මගෙ නැට්ට (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

උදය ගම්මන්පිල බොහොම රස කතාකාරයෙකි. 2019 සැප්තැම්බර් 03 වැනිදා හරියටම ජනාධිපතිවරණයට මාස 2ක් පමණ තිබියදී ඔහු මාධ්‍ය අමතා රස කතාවක් කීවේය. මේ ඔහු කී කතාවය.

‘අපේ ආණ්ඩුව බලයට පත්වූ විගස අපි කේ.පී.ව ගෙනාවා වගේ අර්ජුන් මහේන්ද්‍රන්ව කුදළාගෙන එනවා. ඔහුට අත් වෙන්නේ කේ.පී.ට අත්වුණු ඉරණමමයි. අපි ඔහුට කියනවා නිදියගන්න යනකොට ලංකාවේ හැඳුනුම්පත ළඟ තියාගන්න කියලා. මොකද නින්දෙන් ඇහැරෙන කොට ඔහු ඉන්නේ ලංකාවේ…
උදය ගම්මන්පිල
(ලංකාදීප, 03-09-2019)

උදය ගම්මන්පිල ඒ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නිදියගෙන ඉන්න කොට කුදළාගෙන එනවා කියාය. උදය ගම්මන්පිලගේ ආණ්ඩුව බලයට ඇවිත් දැන් වසරක් ගතවී ඇත. ඒ කියන්නේ දවස් 365කි. මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් දවස් 365ක් සිංගප්පූරුවේ රාත්‍රිය ගතකොට අවදි වී ඇත. හැබැයි ඔහු ඒ දවස් 365ම අවදි වූයේ සිංගප්පූරුවේය. ඔහු සිංගප්පූරුවේ අවදි වෙනවා පමණක් නොව ඔහු හැමදාම සිය මුහුණු පොත අප්ඬේට් කරයි. මෑතකදී එරට මාධ්‍ය අර්ජුන් මහේන්ද්‍රන් සිය නම හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන ඇතැයි මහා හා හූවක් නැගීය. හැබැයි ඔහුගේ මුහුණු පොතේ සඳහන් වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් කියන නමය. ඔහුගේ මුහුණු පොතේ ප්‍රධාන ඡායාරූපය ඔහුගේ සමාගමේ සේවය කරන සේවක සේවිකාවන් සමඟ ඔහු ගත් ඡායාරූපයකි. ඔහු ඔහුගේ මුහුණු පොතෙහි පසුගිය අගෝස්තු මාසයේ අපූරු පෝස්ටුවක් පළකොට ඇත. ඔහු ලොව ප්‍රකට සුඛෝපභෝගී පෝෂේ අලුත්ම මාදිලියේ වාහනයක් මිලදී ගැනීමට ආශාවෙන් සිටින බවය.

‘එතකොට කේ. පී.ව වගේ අර්ජුන් මහේන්ද්‍රන්ව කුදළාගෙන එනවා කීව උදය ගම්මන්පිලද ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රිවරු 149ම බුදිද..?’

කේ. පී.ව වගේ මහේන්ද්‍රන්ව කුදළාගෙන එනවා කියා කීවේ ගම්මන්පිල පමණක් නොවේ. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු වත්මන් ආණ්ඩුවේ හැමෝම මේ කතාව කීහ. මේ ඔවුන් කී කතාය.

‘මහේන්ද්‍රන් එක්ක මහ බැංකුව මංකොල්ල කාපු රනිල් වික්‍රමසිංහව ගේන්න ඕනෑ කොමිසමට නෙවේ. එයාව යවන්න ඕනෑ හිරගෙදරට. අපි ආපු ගමන් එයාට ජම්පර් අන්දලා යවන්නේ හිරගෙදරට…’
විමල් වීරවංශ
22-11-2017

‘කේ. පී.ව කුදළාගෙන ආපු අපිට අර්ජුන් මහේන්ද්‍රන්ව කනෙන් අල්ලාගෙන එන එක මහ ලොකු දෙයක් නෙවෙයි.’
විමල් වීරවංශ
03-06-2020

‘මම ගරු අගමැතිතුමාගෙන් අහන්නේ ඔබ මේ සභාවට සහතික වුණා අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේනව කියා. ඔබ එය ඉටු කරනවාද නැද්ද..?’
වාසුදේව නානායක්කාර
14.03.2019

‘අපි කේ. පී.ව ගෙනාවා වගේ අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්නේ…’
-වාසුදේව නානායක්කාර
21-12-2019

ඇත්තටම 2009දී මහින්දගේ ආණ්ඩුව මැලේසියාවේ සිටි කොටි නායක කේ. පී.ව කුදළාගෙන ආවේ ලොවම අන්දමන්ද කරවමිනි. හේතුව අර්ජුන් මහේන්ද්‍රන් වගේ නොව කේ. පී. කියන්නේ එවකට එල්.ටී.ටී.ඊ. නායකයාය. එල්.ටී.ටී.ඊ.ය දෙස සානුකම්පිතව බලන යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල කේ. පී.ට ආරක්‍ෂාව සලසා දී තිබුණි. එයිටත් වඩා එල්.ටී.ටී.ඊ. ගුහාවක් වූ මැලේසියාවට ගොස් කොටි කටට අත දමා කේ. පී. කුදළාගෙන ඒම පුංචිපහේ සෙල්ලමක් නොවේ. කේ. පී. ලංකාවට ගේන තෙක් කේ. පී. දන්නේත් නැත.

කොටියෙක් වන් කේ. පී. ව කුදළාගෙන ආවා නම් බළල් පැටියෙක් වන් අර්ජුන් මහේන්ද්‍රන්ව කුදළාගෙන ඒම මහ ලොකු කජ්ජක් නොවේ. ඒ වෙලාවේ කේ. පී. වෙනුවෙන් කතා කරන්න බටහිර රටවල විදේශ අමාත්‍යාංශ, මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන එමට සිටියහ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් කතා කරන්න බල්ලෙක්වත් නැත.

‘ඉතින් ඇයි අර්ජුන් මහේන්ද්‍රන්ව කුදළාගෙන එන්නේ නැත්තේ..?’

ඒක මහා අබිරහසකි. සිංගප්පූරුවට ලංකාවට වඩා අර්ජුන් මහේන්ද්‍රන්ව ලොකු වේ යැයි හීනෙන්වත් හිතන්න බැරිය. අනෙක සිංගප්පූරුව ඕනෑ තරම් නමගිය හොරුන්ව විදේශ රටවලට පිටමං කොට ඇත.

2018 ජනවාරි 04 රොයිටර් පුවත් සේවය වාර්තා කළේ වියට්නාමයේ දූෂිත බිලියනපති ව්‍යාපාරිකයෙක් සිංගප්පූරුව විසින් පිටමං කරන ලදුව වියට්නාමයේදී අත්අඩංගුවට පත් වූ බවය. වියට්නාමය මෙම ව්‍යාපාරිකයාව ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලැයිස්තුවට ඇතුළත් කොට තිබූ බවත්, තමාව වියට්නාමයට පිටමං කළොත් තමාව මරයි කියා ව්‍යාපාරිකයා සිංගප්පූරු ආණ්ඩුවට ආයාචනය කළද සිංගප්පූරු ආණ්ඩුව වියට්නාමයේ ඉල්ලීම මත ඔහුව පිටමං කළ බවත් රොයිටර් වාර්තා කොට ඇත. විවිධ රටවල දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ වී සිංගප්පූරුවට දුව එන දූෂිත ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන්ට සිංගප්පූරුව තවදුරටත් ආරක්‍ෂිත ස්ථානයක් නොවන බව සිංගප්පූරු බලධාරීන් පැවැසූ බව රොයිටර් වාර්තා කොට ඇත.

‘ඉතින් ඇයි ඒ දූෂිත ව්‍යාපාරිකයා වගේ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න බැරි..?’

ඇත්තටම පහුගිය ජූනි මාසයේ විමල් වීරවංශ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම මතක් කළාට පස්සේ මේ ආණ්ඩුවේ කිසිවෙක් ඒ නම මතක් කළේ නැත. බැඳුම්කරය ගැන කතා කළේවත් නැත. උදය ගම්මන්පිල එදා කිව්ව විදියට ලංකාවේ හැඳුනුම්පත අතැතිව නිදියගත්තේ අර්ජුන් මහේන්ද්‍රන් නොවේ. මේ මන්ත්‍රිවරු 149ය. ඔවුන් නිදියගත්තේ සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්තිය ළඟ තියාගෙනය. හේතුව බැඳුම්කර වංචාවට එහි පරිච්ඡේදයක්ම වෙන් වී ඇත. බැඳුම්කර හොරුන්ට දඬුවම් දී ඒ මුදල් රජය සතු කර ගන්නා බවද එහි සඳහන්ය. මේ නිදියගෙන සිටි මැති ඇමැතිවරුන්ව අවදි කළේ විපක්‍ෂයේ මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ලය. ඔහු අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන එන්නේදැයි අහන විට අධිකරණ ඇමැති අලි සබ්‍රි ඒ නඩුවට වෙන්නේ මොනවාදැයි කියාවත් දැන සිටියේ නැත. තමා මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත්, වාර්තාව ලැබුණු විට උත්තර දෙන බවත් ඔහු කීවේය.

‘ඒ කියන්නේ ජනාධිපතිවරණයට කලින් අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලන්න තිබුණු තදියමට මොකද වුණේ..?’

2018 අප්‍රේල් මාසයේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ලිට්ල් ඉන්දියා හී ටැක්සි නැවැතුමක සිටින ඡායාරූපයක් මෙරට මාධ්‍යවල පළකොට ඒකාබද්ධ විපක්‍ෂය යකා නැටූහ. ඔහු යහතින් සිංගප්පූරුවේ සිටිනා බවත්, ඔහුව ගෙන්වා ගැනීම මෛත්‍රි – රනිල් ආණ්ඩුව වුවමනාවෙන් මඟහරින බවටත් ඔවුහු කෑ මොර දුන්හ. අද ඔහු සිය මුහුණු පොතෙහි අති සුඛෝපභෝගී කාර් මිලදී ගන්නා ඡායාරූප පළ කරද්දී ආණ්ඩුව ඉන්නේ ඇස් – කන් වසාගත් වඳුරන් වගේය. ලක්‍ෂ්මන් කිරිඇල්ල අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නය නොඅසන්න අධිකරණ ඇමැති ඒ නඩුවට මොකක්ද වෙන්නේ කියලවත් දන්නේ නැත.

වාහන අනතුරකට චම්පික රණවකට ජම්පර් අන්දන්න උදේ – දිවා – රෑ නොබලා සාක්‍ෂි හොයන ආණ්ඩුව, රාජිත සේනාරත්නගේ සුදු වෑන්, කිඹුල්ලු හොයන්න මරාගෙන මැරෙන මෙහෙයුම් කරන ආණ්ඩුව, අමු දවාලේ මහ බැංකුව කඩා ට්‍රිලියන ගණනක් මුදල් කොල්ල කෑවා කියල මහජනතාවට දිවුර දිවුරා කී ආණ්ඩුවට කිරිඇල්ල මතක් කරන තෙක් අර්ජුන් මහේන්ද්‍රන්ව අමතක වී තිබීම පුදුම හතෙන් එකකි. හේතුව මෛත්‍රි – රනිල් ආණ්ඩුව දවස් 1,825ක් රට පාලනය කළේය. එයින් අඩුම තරමින් දවස් 1,500ක්වත් ඒකාබද්ධ විපක්‍ෂය අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම මතක් නොකර ගතවූයේ නැත. ඉතින් බලයට ආ පසු එක පාරටම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ඒ නම අමතක වූයේ විමල් වීරවංශ කීව රිවස් පෙත්ත වැඩ කරලාද කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දැන් තියෙන්නෙ තියෙන දේකින් ගොඩයෑමේ සිස්ටම් එකක්

Next Post

ජනප්‍රිය වීමේ උණ නොතිබුණු ‘චකබ්ලාස්’ කෙල්ල

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.