බුරවි සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (02) මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලට දැඩි වැසි ඇද හැලී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් මුලතිව්හි ගංගා කිහිපයක් උතුරා ඇති අතර ගම්මාන කිහිපයක්ද ජලයෙන් යටවී ඇත.
එමෙන්ම ස්ථාන කිහිපයක ගස් කඩා වැඩී ඇති අතර ගමනාගමනයටද බාධා ඇතිවී තිබේ.
කෙසේවෙතත් අනාවැකි පළ කළ පරිදි සුළගේ දැඩි වේගයක් දැකගන්නට නොලැබුණු අතර සුළගේ තරමක වැඩිවීමක් පමණක් දැකගන්නට හැකිවූ බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් මෙම සුළගේ වේගයද දෙසැම්බර් මස දැකගන්නට ඇති සුළගට සමාන බවද පැවසේ.
තවමත් මෙම තත්ත්වය දිවයිනෙන් බැහැර ගොස් නොමැති බවද වාර්තා වේ.










