බඩල්ගම පිහිට ඇගළුම් කම්හලක සේවක සේවිකාවන් 23 දෙනකුට කොරෝනා රෝග වැළදී ඇති බව අද (02) සවස තහවුරු වී තිබේ.
ආසාදිතයන් අතර දිවුලපිටියේ 8ක්, මීගමුවේ 5ක්, පන්නල 6ක්, මීරිගම හා කටාන 2 බැගින් සිටින බව දැනගන්නට ඇත.
මේ හේතුවෙන් එම රෝගීන්ගේ ආශ්‍රිතයන් වූ 458 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට ලක් කොට ඇති බව වාර්තා වේ.








