දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරයි.
පාසල්වලට කොවිඩ් ආසාදිතයින්ගේ දරුවන් පැමිණිය හැකි බැවින් දඹුල්ල කොට්ඨාසය තුළ ඇති සියලු පාසල් මෙලෙස වසා තැබීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
එමෙන්ම ගලේවෙල කොට්ඨාසයේ ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවි මහතෙකු කොවිඩ් ආසාදිතයෙක් ලෙස වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ ඇති ගල්කිරියාගම පාසල ද වසා දැමීමට තීරණය කර ඇත.










