දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතනයට සැක පිට වසර 5කට ආසන්න කාලයක් සිරගතව සිටි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ඇප හිමි වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.
ඒ මගින් ප්‍රනාන්දු මහතා සදහන් කොට ඇත්තේ මෙවැන්නකි.
‘පිල්ලෙයාන් ඔන් බේල්… ශානි ඉන් ජේල්… සර් ෆේල්…’ යනුවෙනි.
මෙම ‘සර් ෆේල්’ යන වැකිය පළමුවෙන්ම විපක්ෂයේ ප්‍රචාරක කටයුත්තක් ලෙස එළිදැක්වුවේද හරීන් ප්‍රනාන්දු මහතාය.











