පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාමාන්‍ය රාජකාරි කටයුතු සදහා අනුයුක්ත කොට ඇති බව පැවසේ.
ඒ වෙනුවට පොලිස් මූලස්ථානයේ රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු නුගේගොඩ දිසාවට අනුයුක්ත කොට ඇති බවද දැනගන්නට ඇත.










