කලක් ජනප්රිය සටන් ශිල්පියකු ලෙස සිංහල සිනමාවේ කීර්තියක් දිනා සිටි විල්සන් කරුණාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කිරුලපොන පොලිසිය කටයුතු කොට ඇත.
හුදකලා කොට ඇති ප්රදේශවල ජනතාවට ලබා දෙන රුපියල් 5000 ලබා ගැනීම සදහා ඒ මහතා කටයුතු කිරීමට යාමේදී මෙම සිද්ධිය සිදුව තිබේ.
එහිදී නිරෝධායන නීති කඩ කර පොලිස් රාජකාරියට බාධා කළ බව කියමින් ඒ මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.










