මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසු සිසුවියන් 10 දෙනෙකු උපරිම ලකුණූ 200යම ලබා ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව සිසුන් 06 දෙනෙකු සහ සිසුවියන් 04 දෙනෙකු ලකුණු 200යම ලබා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා කරුණාතිලක
ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලයේ දෙව්ලි යසස්මි තිලකරත්න
ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ යෙහාරා යෙත්මිණි ඈපා යන සිසුවියන් ලකුණු දෙසීයම ලබා ගැනීමට සමත්ව තිබේ.
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරන්දිත්
මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ්
පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත
තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන්
බණ්ඩාරගම ජාතික පාසලේ හිනුධ සස්මිත ගුණතිලක
නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මාහ විද්‍යාලයේ අකුරැස්ස හේවගේ සිහත් සන්ධිනු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු දෙසීයම ලබාගෙන තිබේ.










