කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළත ස්ථාන 17ක් තවදුරටත් වසා තැබීමට බලධාරීන් විසින් තීරණය කොට ඇත.
ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය, කොම්පඤ්ඤ වීදිය, මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
කොරෝනා වයිරසය මෙම ප්‍රදේශවල ශීඝ්‍ර පැතිරයාමක් පෙන්නුම් කළ අතර එය පාලනය කිරීමේ අරමුණින් මෙම හුදකලා කිරීම සිදු කොට තිබේ.










