කොළඹ සුපිරි හෝටල් වන ටාජ් සමුදා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල සේවකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.
ඒ අනුව ටාජ් සමුදා හෝටලයේ සේවකයන් සිව් දෙනෙක්ද, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයකුද මෙසේ කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අදාළ හෝටල් කළමනාකාරීත්වය මේ බව තහවුරු කොට තිබේ.










