පවතින තත්ත්වය අනුව පළාත් සීමාවෙන් පිටතට යාමට අවසර හිමිවන්නේ ආහාර / ඖෂධ ප්‍රවාහන, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්, ජල/ විදුලිය/ බලශක්ති සහ ඉන්ධන යන කේෂ්ත්‍රවල සේවයේ නියුතු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජීත් රෝහණ සඳහන් කළේය.
බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යාම තහනම් කිරීමත් සමග අධිවේගී මාර්ගය ඇතුළු සියලු පළාත් සිමාවන් දැඩිව නිරීක්ෂණය කිරිමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
බස්නාහිර පළාත තුළ අත්‍යාවශ්‍ය කටයුත්තක් සිදුකර ගැනීමට පැමිණෙන කවුරුන් හෝ පුද්ගලයෙකු ඒ සඳහා පැමිණෙන්නේ නම් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා එම පළාතේ රැඳී සිටීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන පැමිණීම සිදුකළ යුතු බවත්, එසේත් නොමැතිනම් ලබන සඳුදා පැමිණීම ඉතා යෝග්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එමෙන්ම අද උදෑසන සිට බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවල පිහිටි හෝටල්, ලැඟුම්හල් හෝ නිවාඩු නිකේතන සඳහා බස්නාහිර පළාතේ සිට පුද්ගලයින් පැමිණෙන්නේ ද යන්න ගැන විමසිලිමත්වන ලෙස අදාළ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත් එසේ කවුරුන් හෝ පැමිණියොත් අදාළ ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කළ යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තහවුරටත් සඳහන් කළේය.
එමෙන්ම බස්නාහිර පළාතේ සිට හිතවතෙකුගේ හෝ ඥාතියෙකු ගේ නිවසට එලෙස පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද කරුණු අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත දැනුම් දිය යුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.
මිට පෙර ඇඳිරි නීතිය පනවා ඇති මොහොතේ චක්‍ර ලේඛයක් මගින් අවසර ලබාදී තිබු රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතන 112 ක සේවකයින්ට සිය හැඳුනුම්පත උපයෝගී කරගනිමින් මෙම දින 04 තුළදී පළාත් සීමාවෙන් පිටව යෑමට අවසර හිමිනොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.










