• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තීන්දු ගැනීමේ බලය බැසිල් දිසා ලේකම්වරුන්ට-කමිටු සභාපතිවරුන්ට පවරයි

November 3, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
බස්නාහිරටම 5000 දෙන්න බැසිල්ගේ කමිටුව තීන්දු කරයි
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් අවශ්‍ය තින්දු තීරණ ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට බලය පැවරේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකය හැකිතාක් ඉහළ මට්ටමක රඳවා ගැනීමටත් ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාමටත් රජය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවලට එක් වෙමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කොවිඩ් වසංගතය හමුවේ දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමෙන් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින්, ආර්ථික ඉලක්ක සපුරාගනිමින් වසංගතය පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ නිසි පරිදි ගන්නා බවයි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි වත්මන් තත්ත්වය හමුවේ උද්ගත වන ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන අතර විශේෂයෙන්ම ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වන ආකාරයෙන් කෘෂිකර්මාන්තය පවත්වාගෙන යායුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණි. කෘෂිකර්මාන්තයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය, ප්‍රවාහනය, ධීවර කටයුතු, කර්මාන්ත පවත්වාගෙන යෑම, ජලය හා විදුලිය සැපයීම, කසල කළමනාකරණය, ඉන්ධන සැපයීම ආදී අත්‍යාවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා සිටියේය.
මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජය ඉදිරිපත් කළ සංවර්ධන සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවලදී පෙන්වාදුන් අතර, කෘෂිකාර්මික සහ වැවිලි ක්ෂේත්‍රවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා ගොවීන් වෙත ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම ප්‍රමාදයකින් තොරව කළ යුතු බවද අවධාරණය කළේය.
බස්නාහිර පළාතේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘත කරන බවත් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විෂභීජහරණය කොට එහි සේවය කරනන් පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන් පසුව ලබන සඳුදා දින වන විට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කිරීමේ හැකියාව පවතින බවත් මෙම සාකච්ඡාවේදි අවධාරණය කෙරිණි.
කර්මාන්ත පුරවල ඇති අත්‍යාවශ්‍ය කර්මාන්ත ශාලාවල කටයුතු ආරම්භ කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් සිදුකළ හැකි බවත් එකී අනුමැතිය හා ආයෝජන මණ්ඩලයේ අනුමැතියලත් කර්මාන්ත සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතියලත් කර්මාන්ත සඳහා ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ විවාත කිරීමට ලබාදුන් අනුමැතිය සහිත ලිපිද ඇඳිරි නීති අවසරපත් ලෙස සළකා බැසිල් රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නේය.
ඇතැම් ප්‍රදේශ වල ජංගම මත්ස්‍ය වෙළඳසැල් වසා දැමීම සම්බන්ධයෙන් මෙහීදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ධීවර සංස්ථාව මගින් ඇසුරුම් කරන ලද මාලු ජනතාව අතර බෙදාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි. එමෙන්ම සමාද්ධිලාභින් වෙත මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදි එම දීමනාව තුළ රුපියල් 500ක වටිනාකමකින් යුත් අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමටද මෙහිදී තිරණය කෙරිණි. ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මෙම සාකච්ඡාවේදි ලබාදෙන ලදි.

SendShareShare
Previous Post

කොළඹ මන්ත්‍රීවරයකුට කොරෝනා

Next Post

පොම්පියෝ ඉල්ලුවේ ත්‍රිකුණාමල වරායද? (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.