හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කළමනාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව තාවකාලිකව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කොට ඇත.
එම බැංකුවේ කලමනාකාරවරයා නිවාඩු ගොස් සිටියදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව ඔහුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන් එම බැංකුවේ සේවය කළ කාර්යය මණ්ඩලය ඔවුන් රැදී සිටි ස්ථානවලම ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව සඳහය.
බැංකුවේ කලමණාකාරවරයාගේ ඥාතියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවටද තහවුරු වි ඇත.
එම බැංකුවේ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබා ගන්නා බව හැටන් පොලිසියේ නිලධාරියෙකු සදහන් කර සිටියේය.










