• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාව මිත්‍යාවෙන් පරද්දන්න බෑ: මහා සංඝරත්නයෙන් ප්‍රකාශයක්

November 3, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනාව මිත්‍යාවෙන් පරද්දන්න බෑ: මහා සංඝරත්නයෙන් ප්‍රකාශයක්
Share on WhatsAppShare on Facebook

වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

ගුප්ත විද්‍යා, දේව බලය, භූතයින් හෝ වෙනත් ඇදහිලි මගින් කොරෝනා වෛරසය මෙල්ල කළ හැකි බවට පවතින විශ්වාස කිසි ලෙසකවත් බෞද්ධ දර්ශනයේ ඇගයීමට ලක් නොවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පෙන්වා දෙති.

“ඒ නිසා බුදු දහම එවැනි දෑ වෙත මහජනතාව පොළඹවන්නෙත් නැහැ. ඒකට කියන්නේ අන්ධ විශ්වාසය.” යනුවෙන් උන්වහන්සේ සදහන් කොට තිබේ.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපාය මාර්ග සහ උපදෙස්වලින් ඔබ්බට ගොස් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සමාජය තුළ දැඩි සංවාදයක් මතුව ඇති පසුබිමකදීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමි කියා සිටියේ “ඇදහිලි පසුපස යෑම පසෙකින් තබා මේ මොහොතේ සිහියෙන් කටයුතු කිරීමයි වැදගත්” බවය.

“ඇදහිලි, පූජා, පෙරහැර බුදු දහමේ ඇති දේවල් නොවෙයි. ඒවා කාලයත් සමග වැඩුණු සංස්කෘතික කාරණා. බුදු දහමට අනුව මේ මොහොතේ අවශ්‍ය වන්නේ අවදි සිහියෙන් කටයුතු කිරීම. අපි මේ මොහොතේ මිනිස්සුන්ව උනන්දු කළ යුත්තේ බුදු දහමේ එන වටිනා ඉගැන්වීම් ප්‍රයෝගිකව ක්‍රියාවට නංවන්න.” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.

“බුදු දහමේ කියා සිටින ප්‍රධාන දෙයක් තමයි එළඹ සිටි සිහියෙන් යුක්තව මේ මොහොතේ කටයුතු කිරීම. එය පුහුණු කරන භාවනා තිබෙනවා. කායානුපස්සනාව ප්‍රධාන වශයෙන්. ඒ දේවල් අපේ පුහුණුවෙන් අතහැරිලා ගිහින් නොයෙකුත් පුද පූජා පැවැත්වීම වගේ දේවල් ඉදිරියට ඇවිත් තිබෙනවා,”

“ඒ දේවල්වලින් අපේ අභ්‍යන්තරයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපිව අභියෝගයට ලක් වෙන්නේ නැහැ. අවුරුදු 2500 යද්දී අපි අපිවම අභියෝගයට ලක් කරන, අපිව ඇතුළතින් වෙනස් කරන වැඩේ අතහැරි ගොස් තිබෙනවා. පුද පූජා වගේ පිටතින් කරන දෙයකින් ප්‍රතිඵල ලැබෙයි කියලා හිතනවා. බුද්ධ දර්ශනයේ මූලික හරයට ආපසු යන්න මේක අවස්ථාවක් කර ගනිමු. සතිමත් බවින් කටයුතු කරන්න පුලුවන්නම් මේකට අපිට මුහුණ දෙන්න පුළුවන්.”

බීබීසී සංදේශය ඇසුරිනි.

SendShareShare
Previous Post

කෑගල්ල-කුරුණෑගල ගම් 5ක් වහයි

Next Post

මහින්ද බඩු පැක් කරයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.