• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස්නාහිරටම 5000 දෙන්න බැසිල්ගේ කමිටුව තීන්දු කරයි

November 2, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
බස්නාහිරටම 5000 දෙන්න බැසිල්ගේ කමිටුව තීන්දු කරයි
Share on WhatsAppShare on Facebook

ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල සුදුසුකම්ලත් ජනතාවට මෙවරත් රුපියල් 5000 ජීවන දීමනාව ලබාදීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කරයි.

ආසාධිතයින් හා ආශ්‍රිතයින් නිවෙස්වල නිරෝධායනය කිරීම සඳහා මේ වන විට රජය තීරණය කර ඇති අතර එම නිවෙස් සඳහා රුපියල් 10000ක වටිනාකමක් සහිත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබා දීමද මේ වන විට සිදුකෙරෙමින් පවතියි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් නොලැබෙන සහ ඇදිරී නීතිය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ සුදුසුකම්ලත් පවුල් සඳහා මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සිදුකෙරෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (02) අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. නිරෝධායන කටයුතු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරිමින් ජන ජිවිතය ක්‍රමවත්ව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ආසාධිතයින් හා ආශ්‍රිතයින් සිය නිවෙස්වලම නිරෝධායනය කිරීමට රජය ගෙන ඇති තීරණය නිවැරදිව ක්‍රියාත්මක කර කොවිඩ් වෛරසයෙන් තොර රටක් බිහිකිරීමට නම් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතුව ඇති හෙයින් එම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්  ප්‍රාදේශීය සභාව, පොලීසිය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල හා ග්‍රාමීය කමිටු සමඟ එක්ව  ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර ග්‍රාමීය කමිටු හරහා ජනතාවට සහන සැලසීම හා නිරෝධායන කටයුතු සාර්ථක කර ගැනීමට නියමිතය.

ජලය, විදුලිය, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ අත්‍යාවශ්‍ය ජීවනෝපාය කටයුතු නොනවත්ව පවත්වා ගෙනයමින් රැකියා සුරක්ෂිතතාවය සඳහා සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැනක් දෙමින් කටයුතු කරන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කිසියම් පුද්ගලයෙක්ට රෝග ලක්ෂණ පහළ වූවොත් ක්ෂණීකව රෝහල් කරා පැමිණීම වෙනුවට දුරකතන මාර්ගයෙන් සෞඛ්‍ය අංශ දැනුම්වත් කර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීමේ  පහසුකම් සලසා ඇති බවද පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා නව නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමේ දැනුම්වත් කිරීමද ග්‍රාමීය කමිටුවලට පැවරෙන බව සඳහන් කළේය.  

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේදී ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය උපදෙස් මත විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිනි. අවධානම් තත්ත්වය පහව ගිය හා වෛද්‍ය පරීක්ෂණ පවත්වා අවධානමකින් තොර ආර්ථීක මධ්‍යස්ථාන බව තහවුරු කර ගත් ආර්ථීක මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලැබිණි.

බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අද ලෝකයේ බලවත් රටවල් මෙන්ම අපිට ආසන්න රටවල් පවා කොවිඩ් 19 උවදුරට මුහුණ පාලා මේ අරුබුදයෙන් ගොඩ එන්න බැරිවයි ඉන්නේ. පසුගිය කාලයේ ගත් උත්සහයන් නිසා අපි මේ කටයුත්තේදී ඉදිරියෙන් ඉන්නවා. මීට සම්බන්ධ වුණ අයට අමතරව තවත් අය මේ ක්‍රියාදාමයට එක් කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මහජනතාවට කරදරයක් නොවන ආකාරයට මේ කටයුතු කිරීමටයි අපි මුල් තැන දෙන්නේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේදි තීරණයක් ගත්තා ආසාධිතයින් හා ආශ්‍රිතයින් නිවෙස්වලම නිරෝධායනය කරන්න. නිවෙස්වල නිරෝධායනයට ලක්කෙරෙන අයට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදිය යුතුයි. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා නිවෙස්වලින් පිටවීමේ අවශ්‍යතාවයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීම අපේ වගකීමක්. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනවා. සමුපකාර ප්‍රධානීන්, පළාත් පාලන නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු දෙනාගේම සහාය මේ සඳහා අවශ්‍යයි.

ඇදිරි නීතිය පනවා ඇති කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල සුදුසුකම් ලත් ජනතාවට රුපියල් 5000 ලබාදෙනවා. ග්‍රාමීය කමිටුවල උපකාර ලබා ගෙන තදබදයක් ඇති නොවන විදියට මේ දිමනාව ලබා දෙන්න පියවර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා දී තිබෙනවා. ඒ සදහා තවත් ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ ප්‍රතිපාදන ලබා දෙන්නත් සූදානම්.  සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අත්‍යවශ්‍ය ජීවනෝපාය කටයුතු දිගටම සිදුකරගෙන අවශ්‍යයි. වසංගත තත්ත්වය එන්න පෙර අපි රජය භාර ගන්න අවස්ථාවේත් ආර්ථිකය කඩා වැටිලා තිබුණා. කොවිඩ් වසංගතයත් එක්ක විදේශ රැකියා මඟින් එන මුදල් අපිට නැති වුණා. විරුද්ධ පාක්ෂිකයින් හිතුවෙත් අපිට මෙවර ණය වාරික ගෙවා ගන්න බැරි වෙයි කියලයි. නමුත් අපි ඩොලර් බිලියන 4.2ක ණය වාරික ගෙවලා තියෙනවා. 2020 ඔක්තෝම්බර් මස අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 900ක ආදායමක් ලබා තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන්ගේ නීති රීති අනුව කර්මාන්තශාලා පවත්වා ගෙන යන්න වෙනවා.  ජලය ඉන්ධන විදුලිය, ගෑස් වගේ අත්‍යාවශ්‍ය දේවල් අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඒ ඒ ආයතන සියලු කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන තියෙන්නේ. මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිරෝධායන පනත අනුව ඔබේ සහාය ලබා ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

භාණ්ඩ සැපයීමේදි සමූපකාර වලින් ඉල්ලනවා අවශ්‍ය බඩු ගෙදරටම යවන්න. වෙළෙඳසැල් විවෘත කිරීමේ බලාපොරොත්තුවක් නැහැ. ගියවර වගේ සාර්ථකව ඒ කටයුත්ත දියත් කරන්නයි අපි ඉල්ලා සිටිනවා. සීමා සහිතව බලපත්‍ර නිකුත් කරන්න මෙවර අපි තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්ක අතර ගමන්කිරීම සම්පූර්ණයෙන්ම නවත්වන්න අපි තීරණය කර තිබෙනවා. අත්‍යාවශ්‍ය කාර්ණයකට පමණක් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් හා අවසර ඇතිව ගමන් කරන්න. නිකරුණේ දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු කරන්න එපා.

අපේ අරමුණ ගියවර වගේම සම්පූර්ණයෙන්ම කොවිඩ් වසංගතයෙන් මිදෙන්න. නැවත ඒ තත්ත්වයට රට ගෙන එන්න උත්සහ කරමු. මෑතකදී මතුවුනු කොවිඩ් පොකුරු ඔක්කෝම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙනබිහිවුනු නිසා එය බස්නාහිර පළාතෙන් පිටට යාම වැළැක්වීම කරන්න පුලුවන් වෙන්නේ අපිටමයි. ආර්ථිකය බිඳ නෙවැටී පවත්වාගෙන යන අතරේ ජන ජීවිතය බිඳනොවැටී ඉදිරියට ගෙන යමින් කොවිඩ්වලින් මිදුනු රටක් බිහිකිරීමට සියලු දෙනා එක්ව කටයුතු කරමු.

බස්නාහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්,හිටපු පළාත් සභා මන්ත්‍රී වරුන්, පළාත් ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම් වරුන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර  සභා  සභාපති වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම් වරුන්,සෞඛ්‍ය සේවා නිළධාරීන්, ආරක්ෂක අංශ නිළධාරීන්,දිස්ත්‍රීක් ලේකම් වරුන්,ප්‍රාදේශීය ලේකම් වරුන්, සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තු  හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිළධාරීන්, සමූපකාර සේවා හා ස.තො.ස නිළධාරීන්, සමූපකාර සමිති සභාපතිවරුන්, අතුලු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

වහලා තිබුණු මතුගම පිරිත් ගෙදරක ගිය 5කට කොරෝනා

Next Post

හෙට පාර්ලිමේන්තු එන්න පුළුවන් කතාකරන අයට විතරයි

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.