යහපාලන ආණ්ඩුව පෙරළ බලය ලබා ගැනීම සදහා දියත්කරනු ලැබ තිබූ කුමන්ත්‍රණ රැසක් පිළිබදව පළමු වරට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පළමු වතාවට හෙළිදරව් කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී ඔක්තෝබර් 26 වැනි දින සිදුවූ කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරළියෙන් පසු සිදුවූ යම් යම් සිදුවීම සහ පාස්කු ප්‍රහාරය මෙහිදී බරපතළ සැකයට තුඩු දෙන සිදුවීම බව වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.
ඒ මහතා අවධාරණය කරන්නේ මේ සියල්ල පිළිබදව අධිකරණමය ක්‍රියාමාර්ගයන් ඔස්සේ නිසි විමසීමක් කළ යුතු බවකි.










