එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (27) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ආසියානු සංචාරය ආරම්භ කරමින් සිය ට්විටර් ගිණුමෙහි තබන ලද සටහනෙහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය එලෙස තානාපති කාර්යාලයීය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර ඇත.
“ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි“, යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.
මෙම සංචාරයේදී පොම්පියෝ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ජා පැවැත්වීමටට නියමිතය.










