පාස්කු ප්‍රහාරය පිළිබද සෙවූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව හරහා තමන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ කිසිවක් තමන් පිළි නොගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේය.
ජනාධිපති විමර්ශන කොමිසමෙ හමුවේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේය.
එම කමිටුව එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් අරමුණු කරගෙනම පත් කළ ඒකපාර්ශ්වික කමිටුවක් බවත් සිරිසේන මහතා පෙන්වා දුන්නේය.








