අද වන විට රටේ කාන්තාවන් සියලුම ක්ෂේත්‍රවලින් ඉදිරියට පැමිණ ඇති බවත්, මිනුවන්ගොඩ සිද්ධියේදී රටේ කාන්තාවකට බලවත් අපහසුතාවකට මුහුණ දීමට සිදුවීම කනගාටුවට කරුණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මෙම අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා එක රටක් යටතේ නීති දෙකකට අනුව කාන්තාවන්ට සලකන බව පෙන්වා දුන්නේය.
ඒ අනුව කුමන තත්ත්වයක් යටතේ හෝ කාන්තාවන්ට වෙනස් කොට නොසලකන ලෙස ද වික්‍රමරත්න මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.










