අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරය තමාට ලැබුණු නීත්‍යනුකූල තනතුරක් බවත්, එසේම ඒ සඳහා තමාට අවශ්‍ය තරමට සුදුසුකම් තිබෙන බවත් යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
නාවික හමුදාවේ සේවය කරමින් සිටි තමා 2016 වසරේදී වැඩ තහනමකට ලක් වූ බවත්, ඉන්පසු පියාගේ වැඩකටයුතුවලට සම්බන්ධ වූ බවත් පෙන්වා දෙන රාජපක්ෂ මහතා පවසන්නේ එහිදී ලැබූ අත්දැකීම් නව තනතුර සඳහා ප්‍රමාණවත් බවයි.
අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව යෝෂිත රාජපක්ෂ මහතා පවසන්නේ තම පවුලේ සාමාජිකයන් කුමක් සිදු කළද සමාජයට කීමට ඕනෑ තරම් දේවල් තිබෙන බවයි.
තමා නව තනතුරේ වැඩ ආරම්භ කළ අවස්ථාවේදීම චෝදනා එල්ල කිරීම සුදුසු නොවන බවත්, වසරක පමණ කාලයකින් පසුව තමාගේ කටයුතු පිළිබඳව සලකා බලා චෝදනා තිබෙන්නේ නම් ඉදිරිපත් කරන ලෙසත් යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.










