අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත් කර ඇති අතර අගමැතිවරයාගේ විදේශ සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස අනුරාධා.කේ. හේරත් මෙනවිය පත් කර ඇත.
අග‍්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ ප‍්‍රධානියා ලෙසද විජයානන්ද හේරත් මහතා කටයුතු කරන අතර නව රජය පත්වීමෙන් පසු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද විජයානන්ද හේරත් මහතා කටයුතු කළේය.
අනුරාධා හේරත් මෙනවිය මීට පෙර කටයුතු කළේ අග‍්‍රාමාත්‍යවරයාගේ විදේශ මාධ්‍ය හා විදේශ සම්බන්ධතා අධක්‍ෂවරිය ලෙසයි. අමෙරිකාවේ නිව්යෝර්ක් කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරිනියක් වන අනුරාධා හේරත්, ලූසියානා විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරිනියක් ද වේ.
එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ කාලයේ දී එතුමාගේ ඩිජිටල් මාධ්‍ය හා විදේශ මාධ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ඇය 2013 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙසද කටයුතු කළාය.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අනුරාධා හේරත් ඇමරිකාවේ නිව්යෝක්හි , පේස් (PACE) විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරයි.








