කොරෝනා රෝගය රට ඇතුළේ ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක චීන රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් හෙට (08) දිනයේදී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මෙසේ ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල දේශපාලන මණ්ඩල සාමාජිකයකු වන යැන්ග් ජිචෙයි මහතා ඇතුලු පිරිසකි.
ජිචෙයි මහතා චීන රජයේ හිටපු විදේශ අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළ අයෙක් ලෙස සැලකේ.
කොරෝනා ව්‍යාප්තියෙන් පසු චීන රජය ආසියානු කලාපයේ සිදුකරන පළමු රාජ්‍යතාන්ත්‍රික සංචාරය ලෙසද මෙය සැලකේ.
පැය 48ක කාලයක් මෙම දූත පිරිස ලංකාවේ රැදී සිටින අතර එම කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පමණක් මුණගැසී සාකච්ජා පැවැත්වීමටද නියමිතව ඇත.
මෙහිදී දෙරටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවද දැනගන්නට ඇත.










