• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් හෙළිකරයි

October 7, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය විගණනය දුර්වල කිරීම තුළින් පාර්ලිමේන්තු මූල්‍ය පාලනය අඩපණ කිරීම සඳහා වන ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය විගණනයට අගතියක් ඇති නොවන බවත්, එය විපක්ෂයේ පදනම් විරහිත බොරු මතයක් බවත්, ගරු අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 

සත්‍ය වසන් කරමින් මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර උක්ත මාධ්‍ය නිවේදනය සකස් කර ඇති බව පෙන්වා දෙමු. 

 උක්ත මාධ්‍ය නිවේදනය තුලින් විගණන කොමිෂන් සභාවේ කාර්යභාරය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යභාරයට සමාන කර ඇති නමුත්, රාජ්‍ය විගණනයේ පරිපාලන ස්වාධීනත්වය ඇති කිරීම, මූල්‍ය ස්වාධීනත්වය ඇති කිරීම හා කාර්ය බද්ධ ස්වාධීනත්වය ඇති කිරීම මෙන්ම රාජ්‍ය විගණනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සංවිධානයන්ගේ සම්මුතීන් අනුව කටයුතු කිරීම සඳහා වන යාන්ත්‍රණය සැකසීම දක්වා පුළුල් විෂය පරාසයක කාර්යභාරයක් විගණන කොමිෂන් සභාව වෙත පැවරී තිබු බව පෙන්වා දෙමු. 

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා කැබිනට් අමාත්‍යවරුන්ගේ කාර්යාල ඇතුළුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව තුලට ඇතුළත් කර තිබු ආයතන, 20 වන සංශෝධනය මගින් ඉවත් කිරීම සාධාරණීකරණය කරමින් අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ උක්ත කාර්යාල දෙපාර්තමේන්තු ගණයට ඇතුළත් වන බැවින් විගණනය කිරීමේ බාධාවක් නොමැති බවයි. අගමැතිවරයාගේ අර්ථකතනයට අනුව උක්ත ආයතන විගණනය කිරීමට බාධාවක් නොමැත්තේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) තුළ නම් වශයෙන් පැහැදිලිව සඳහන් කර ඇති උක්ත ආයතන 20 වන සංශෝධනයෙන් ඉවත් කළ යුත්තේ ඇයිද යන්න අගමැතිවරයාගෙන් විමසිය යුතුව ඇත. අප දන්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පැහැදිලිව සඳහන් කර ඇති කරුණක් ඉවත් කිරීම තුළින් ගම්‍ය වන්නේ එකී ආයතන විගණනය නොකළ යුතුය යන්න බැව් පෙන්වා දෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  154(1) ව්‍යවස්ථාව තුලින් රාජ්‍ය විගණනයේ විෂයපථයට ඇතුළත් කර තිබු කෙටස් අයිතිය 50% වඩා වැඩි රාජ්‍ය සමාගම් 20 වන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ විෂයපථයෙන් ඉවත් කොට ඇත. නමුත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ 154(2) ව්‍යවස්ථාවට අනුව මුදල් අමාත්‍යවරයා හා විගණකාධිපතිවරයා විමසා සමාගම් විගණනය සඳහා විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පෞද්ගලික විගණන සමාගමක් වෙත විගණන කටයුතු පැවරීමට විෂයභාර අමාත්‍යවරයා වෙත අවකාශ ඇති බැවින් රාජ්‍ය සමාගම් විගණනය විගණකාධිපතිවරයාගෙන් ඉවත් නොවන බවට කරුණු ඉදිරිපත් කර ඇත.

එහෙත් විගණකාධිපතිවරයාගේ විෂයපථය හා විගණනය කළ යුතු ආයතන සම්බන්ධයෙන් ප්‍රතිපාදනයන් ඇතුළත් වන්නේ 154(1) ව්‍යවස්ථාව තුළ පමණක් බව පෙන්වා දෙන අතර, විෂයභාර අමාත්‍යවරයාට විෂයගත කරුණක් හෝ අවශ්‍ය ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි අතිරේක විගණනයක් සිදුකරවා ගැනීම සඳහා 154(2) හි ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි බව හා උක්ත පරිදි සිදුකරනු ලබන විගණනයක් තුලින් අනාවරණය වන කරුණු 154(1) අනුව විගණකාධිපතිවරයා සිදුකරනු ලබන විගණනයකදී භාවිතයට ගැනීමට විගණකාධිපතිවරයා අදහස් කරන්නේ නම් පමණක් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ එකී විගණනය සිදුකරන ලෙස අදාළ විගණන සමාගමට දැන්වීමට විගණකාධිපතිවරයාට හැකියාව ඇත. ඒ අනුව උක්ත ප්‍රකාශය ද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව පෙන්වා දෙමු. 

අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් හා ජනතාව නොමග යවමින් ඊනියා 20 වන සංශෝධනය හරහා රාජ්‍ය විගණනය දුර්වල කිරීමට කටයුතු නොකරන ලෙසත්, රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කර ඇති 153 හා 154 ව්‍යවස්ථා සංශෝධනය නොකරන ලෙසත් අගමැතිවරයා ප්‍රමුඛ රජයට අවධාරණය කරමු.සැබෑ අනතුර නිවේදනයක් තුලින් වසන් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව අපි අතිශයින් කණගාටු වෙමු. රාජ්‍ය විගණනය දුර්වල කිරීම තුළින් පාර්ලිමේන්තු මූල්‍ය පාලනය අඩපණ කිරීම සඳහා වන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට සියලු බලවේග වලට ආරාධනා කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක – සමගි ජනබලවේගයේ නායක

SendShareShare
Previous Post

අලුතින් ඇඳිරිනීතිය දාපු පැති මෙන්න

Next Post

රේගුව අද සිට කොලේ අතහරී

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper