ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාංපක්ෂ මහතා සැලසුම් කර තිබේ.
විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය විය.
සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණ.
හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාලසීමාවේදී ඉවත් කෙරිණ. එය නැවත සක්‍රිය කිරීමට ද තීරණය විය.
රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළනිය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ගැන එකඟතාව පළ විය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.








