පාස්කු ප්‍රහාරයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.
ඒ අද (22) උදෑසන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි දීමට සවන්දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දී ය.
උදෑසන 10 ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනාධිපතිවරයා දහවල් 12 ට පමණ ඉන් පිටව ගියේ ය.
එහිදී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර අසා සිටියත්, ඔහු නිහඬව කොමිසම පිහිටි භූමියෙන් පිටව ගියේ ය










