• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හතර දෙනාම සූරයෝ සහ සූරයන්ගෙත් සූරයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 19, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
හතර දෙනාම සූරයෝ සහ සූරයන්ගෙත් සූරයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ප්‍රකට නළුවකු වූ රොජර් සෙනෙවිරත්න විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකි. විමල් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කඩාගෙන ජාතික නිදහස් පෙරමුණ හදද්දී රොජර් විමල් සමඟ එකට සිටගත්තේය. දැන් රොජර් විමල්ගෙන් වෙන්වී විමල්ට පහර ගහන විමල්ගේ හතුරෙක් බවට පත්ව ඇත. ඔහු මහින්ද සුළඟ ගැන ‘සුදා ක්‍රියෙෂන් නම්වූ ‘යූ-ටියුබ්’ නාළිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී අපූරු හෙළිදරව්වක් කර ඇත. ඔහු කියන්නේ මහින්ද ජනවාරි 8 පරාජය වීමෙන් පසු හැමෝම නන්නත්තාර වෙලා ඉන්න වෙලාවක ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් කමිටු රැස්වීම ජනවාරි 12දා පැවැති බවය. එහිදී මහින්දව යළි නැඟිටුවන්න ජනතා ව්‍යාපාරයක් අවශ්‍ය බව ඔහු කී බවත්, විමල් එය පිළිගෙන ඒ සඳහා පළමු රැස්වීම පෙබරවාරි 18දා පවත්වන්න තීරණය වූ බවත් හෙළි කර තිබේ. ඒ සඳහා නුගේගොඩ ආනන්ද සමරකෝන් රඟහල යෝජනා කළේ තමා බවත්, රුපියල් 27,000ක් සල්ලි බැන්දේ තමා බවත්, මහින්ද සුළඟ කියන නම යෝජනා කළේ විමල් බවත් ඔහු එහිදී අනාවරණය කර තිබේ.
විමල් සමඟ තරහින් ඉන්නා රොජර් කියන මේ කතාව බොරු විය නොහැකිය.
ඔහු කියන විදියට නම් මහින්දව යළි නැඟිටුවලා තියෙන්නේ ජාතික නිදහස් පෙරමුණය. මහින්ද සුළඟේ නිර්මාතෘ ජාතික නිදහස් පෙරමුණය. ඔහු නොකීවාට පසුව විමල්, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර එකතු කරගෙන මහින්ද සුළඟ පටන්ගෙන ඇත.
ගෝඨාභය ජනාධිපති වීම මහින්ද සුළඟ ලංකාවම දෙගොඩ තලා ගිය සුළි කුණාටුවක් බවට පත්වීමේ ප්‍රතිඵලයකි. ගෝඨාභය ජනාධිපති වී මහින්ද තුනෙන් දෙකක බලයකින් අගමැති වී තවම මාස තුනක්වත් නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ගෝඨාභයගේ ආණ්ඩුව ගත්ත තීරණයට එරෙහිව මේ මහින්ද සුළඟේ හතර දෙනාම සූරයෝ නොහොත් සූරයෝ හතර දෙනාගෙන් තිදෙනෙක් ඒ කියන්නේ විමල්, උදය සහ දිනේෂ් බර අවි නොව සුළු අවි ඔසවා ඇත.
මේ හතරදෙනා මහින්ද සුළඟ පටන් ගත්තේ මහින්ද යළි බලයට එනවා නම් බැසිල්ගෙන් අහල කරන දේශපාලනය නතර කළ යුතු බවට මහින්දව පොරොන්දු කරගෙනය. මහින්ද තමන්ව විශ්වාසයට ගෙන තමන් සමඟ දේශපාලනය කරන බවට පොරොන්දු කරවාගෙනය. හේතුව ඔවුන් හිතුවේ 2010 – 2015 ආණ්ඩු කාලයේ තමන්ට කෙනෙහිලිකම් සිදු වූයේ බැසිල් නිසා යැයි කියාය. අනෙක් අතට 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන ලෙස මහින්දට බලපෑම් කළේත් මේ හතර දෙනාගෙන් විමල් සහ උදයය. ඔවුන් හිතන්න ඇත්තේ ගෝඨාභය ජනාධිපති කොට මහින්දව අගමැති කළාම බැසිල්ට ඉඩ නැතිවෙයි කියාය.
එහෙත් ඔවුන් හිතපු දේ වුණේ නැත. ගෝඨාභය ජනාධිපති වී ඇමැති මණ්ඩලය සකස් කළේ බැසිල්ගෙන් අහල බව ඔවුන්ට තේරුණි. විමල්ට ඔහු බලාපොරොත්තු වූ නිවාස අමාත්‍යාංශය හිමි වූයේ නැත. උදයට මුල් වටයේ ඇමැති ධුරයක් හිමි වූයේද නැත. අනෙක මහ මැතිවරණයේදී විමල් කොළඹට අහසින් වැටුණු සරත් වීරසේකරට දෙවැනි විය. උදය ගම්මන්පිල තුනට වැටුණි. මනාප ඡන්ද දෙදෙනාටම ලොකු ගණනින් අඩු විය.
මේ දෙදෙනාට ඒ ගැන හිත් වේදනාවක් නොතිබෙනවා නම් පුදුමය. බැසිල්ගේ පොහොට්ටුව තමන් අනාරක්‍ෂිත බව ඔවුන්ට දැනී නැත්නම් පුදුමය. 20න් එළියට පැන්නේ ඒ හිත්වේදනාවය. 20න් ද්විත්ව පුරවැසි තහනම ඉවත් කරවා ගෙන බැසිල් පාර්ලිමේන්තු එයි යැයි යන බිය මොවුන්ගේ හිත් වේදනාව බයකට සහ අනාරක්‍ෂිත බවකට පෙරළුණි.
සාමාන්‍යයෙන් ලංකාවේ කැබිනට් මණ්ඩල ඉතිහාසයේ එක්සත් ජාතික පක්‍ෂයේ සම්ප්‍රදාය ආණ්ඩුවක් පිහිටුවන්න හවුල් වන පක්‍ෂයෙන් පරිබාහිර නායකයන්ට කැබිනට් මණ්ඩලයේ මුල්පුටු දීමය. එක්සත් ජාතික පක්‍ෂයේ පළමු හවුල් ආණ්ඩුව වූ 1965 හත්හවුල් ආණ්ඩුවේ ආණ්ඩුව පිහිටුවන්න උදව් කළ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්‍ෂයේ දහනායකට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හිමි විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආ සී. පී. ද සිල්වාට මුලින් අගමැති ධුරය පිරිනැමුණි. ඔහු එය ප්‍රතික්‍ෂේප කළ විට ඔහු ඉල්ලූ ඉඩම්, ජලසම්පාදන සහ වාරිමාර්ග අමාත්‍යාංශය හිමි විය. මහජන එක්සත් පෙරමුණෙන් ආ පිලිප් ගුණවර්ධනට කර්මාන්ත සහ ධීවර අමාත්‍යාංශය හිමි විය. එකල මේ අමාත්‍යාංශ ප්‍රබල අමාත්‍යාංශ විය.
1977දී ජේ. ආර්.ට ආණ්ඩුව පිහිටුවන්න උදව් කළ තොණ්ඩමාන්ට සහ දහනායකට ප්‍රබල ඇමැති ධුර හිමි විය. 2001 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පිහිටුවන්න චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් කඩාගෙන ආ එස්. බී.ට ඔහු ඉල්ලූ සමෘද්ධි සහ කෘෂිකර්මාන්ත ඇමැති ධුරය හිමි විය. ජී. එල්.ට ඔහු ඉල්ලපු අධිකරණ, ව්‍යවස්ථා සම්පාදක ඇමැති ධුරය පමණක් නොව විසුම්පාය නිල නිවෙසද ලැබුණි. මහින්ද විජේසේකරට ඔහු ඉල්ලපු ධීවර අමාත්‍යාංශය ලැබුණි. කිරිඇල්ලට ඔහු ඉල්ලපු ඇමැති ධුරය ලැබුණි. බන්දුල ගුණවර්ධනට ඔහු ඉල්ලපු මුදල් රාජ්‍ය සහ ආර්ථික සංවර්ධන ඇමැති ධුරය හිමි විය. 2015 පිහිටු වූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ මෛත්‍රිපාල දිනවන්න ආ රාජිතට ඔහු ඉල්ලූ සෞඛ්‍ය ඇමැති ධුරය හිමිවිය. චම්පිකට ඔහු ඉල්ලූ විදුලිබල ඇමැති ධුරය හිමිවිය. නාවින්නට එම්. කේ. ඩී. එස්. ගුණවර්ධනට ප්‍රබල ඇමැති ධුර හිමිවිය. දුමින්ද දිසානායකට ඔහු ඉල්ලූ කෘෂිකර්ම ඇමැති ධුරය හිමිවිය. රිෂාඞ්ට සහ හකීම්ට ඔවුන් ඉල්ලපු ඇමැති ධුර හිමිවිය. අර්ජුනට වරාය ඇමැති ධුරය හිමිවිය. යූ.ඇන්.පී.යේ මේ කළගුණ සැලකීම විමල්ලා, උදයලා නොදන්නවා නොවේ. අනෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට තිබූ බලය ඔවුන් නොදැක්කා නොවේ. 19 යටතේ ඇත්තටම බලවත් වී සිටියේ ජනාධිපති මෛත්‍රි හෝ අගමැති රනිල් නොවේ. ඇමැතිවරුය. රාජිත ඔහුට ඕනෑ දේ කළේය. චම්පික චම්පිකට ඕනෑ දේ කළේය. දුමින්ද ඔහුට ඕනෑ දේ කළේය. අර්ජුන ඔහුට ඕනෑ දේ කළේය. මංගල ඔහුට ඕනෑ දේ කළේය. රවී ඔහුට ඕනෑ දේ කළේය. ජෝන් ජෝන්ට ඕනෑ දේ කළේය. මොවුන් මෙලෙස තම තමන්ගේ අමාත්‍යාංශවල රාජධානි ගොඩනඟා ගත්තේ 19 ප්‍රතිඵලයක් වූ ජනාධිපති සහ අගමැති බලඅරගලයට පින්සිදු වන්නටය. තමන්ගේ යෝජනාවකට රනිල් ගහන කොට ඔවුන් මෛත්‍රිට හේත්තු විය. මෛත්‍රි ගහන කොට රනිල්ට හේත්තු විය.

මේ නිදහස ඇමැතිවරුන්ට ජේ. ආර්.ගේ ආණ්ඩු කාලයේත් තිබුණි. හේතුව ජේ. ආර්. පළමු විධායක ජනාධිපති වූවාට ඇමැතිවරුන්ට නිදහසේ වැඩ කරන්න දුන් නිසාය. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රොනී තම තමන්ගේ අමාත්‍යාංශවල රාජධානි ගොඩනඟා ගත්තේ ඒ නිසාය.
ප්‍රේමදාස එයට ඉඩ දුන්නේ නැත. චන්ද්‍රිකා යම්තාක් දුරකට ඉඩ දුන්නාය. මහින්ද ඉඩ දුන්නේත් නැත. විමල්ලා සහ උදයලා හිතුවේ 2020 යළි උපදින මහින්ද වෙනස් වී තමන්ගේ වටිනාකම් තේරුම් ගනී කියාය.
විමල්, උදය ඇතුළු හතර දෙනාම සූරයෝ, ‘මහින්ද සුළඟ’ පටන් ගත් බව ඇත්තය. ඒත් ඒ සුළඟ පොදුජන පෙරමුණ නම් වූ පුදුම පහනට දමලා ඇලඩින්ගේ හාස්කම පෙන්වූයේ බැසිල් රාජපක්‍ෂය. ඒ නිසා මහින්දටවත්, ගෝඨාභයටවත් බැසිල්ව අමතක කරන්න බැරිය.
විමල්ගේ හතුරා වූ මිතුරා රොජර් සෙනෙවිරත්න ඒ සම්මුඛ සාකච්ඡාවේ බැසිල් ගැන අපූරු නිර්වචනයක් දෙයි. ඔහු කියන්නේ බැසිල් කියන්නේ කාටවත් නොපෙනෙන පතුල දකින, අතීතය, අනාගතය දකින දේශපාලන ස්කෑනර් එකක් කියාය. මෙහෙම කියන්නේ එදා විමල්ගේ ගජ මිතුරා වී සිටි අද හතුරා වී සිටින රොජර්ය. ජාතික නිදහස් පෙරමුණේ තියෙන ලෙඩදුක් දෝෂ මෙකී නොකී සියල්ල බැසිල්ගේ ස්කෑනර් එකට අහුවෙලා කියල විමල්ට නොතේරෙන්න විමල් පොඩි බබෙක් නොවිය යුතුය. විමල්, උදය, වාසු, දිනේෂ් කියන්නේ හතර දෙනාම සූරයෝය. බැසිල් කියන්නේ සූරයන්ගෙත් සූරයාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෝඨා ‘සිලෝන් ටී’ විතරක් ඉල්ලයි

Next Post

ලී ක්වාන් යූ-ගෝඨා සහ 20 (රටේ පැත්ත)

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.