20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබද දැනට නිකුත් කොට ඇති ගැසට් පත්‍රය වෙනස් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (12) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම තුළින්ම එල්ල වූ යම් යම් විරෝධතා හේතුකොටගෙන එම කෙටුම්පත නැවත වරක් අධ්‍යයනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සය පුද්ගල අමාත්‍ය කමිටුවක් පත් කළ බවකි.
එම කමිටුව ලබන සදුදා දින මුණගැසීමට නියමිත බවද වීරවංශ මහතා කීය.
ඒ අනුව 20 වන සංශෝධනයේ ඇති ඇතැම් අහිතකර වගන්ති සංශෝධනය වනු ඇති බව දැනගන්නට ඇත.










