එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.Sri Lanka Latest News
එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ, අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා මෙය වර්ධනය වුවහොත් ලබන මාසයේදී දැඩි නියඟයක් ඇතිවිය හැකි බවයි.
වර්ෂාපතනය අඩුවීම, ජල මූලාශ්‍ර සිඳී යාම, උෂ්ණත්වය ඉහළ යාම වැනි පාරිසරික ගැටළු රැසක් ලබන වසර තුළ එල්ලවිය හැකි බව ද ඔහු සඳහන් කළා.
අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව සියයට 81ක් ලෙස පවතින බව ගෝලීය වශයෙන් සෞඛ්‍ය අංශයන් නිවේදනය කර තිබෙනවා.
වියළි කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවදානයෙන් සිටීම සහ ජීවනෝපාය මෙන්ම පාරිසරික බලපෑම අවම කර ගැනීම සඳහා කල් වේලා ඇතිව සූදානම් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්කවල අදත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකියි.










