ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට හා හානියට පත් වන්නේ රටේ දරු පරපුර බවත් 2024 වසරේ විගණකාධිපති වාර්ෂික වාර්ථාවට අනුව 2014 සිට වසර 10ක් පුරා ලැබුණු පැමිණිලි සම්බන්ධව අධිකාරිය පතට අනුව ජාතික ප්‍රතිපත්ති සැකසීම, නීති ක්‍රියාත්මක කිරීම, නඩු නියාමන ක්‍රියාවලිය, ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ආදී කාර්යන් සිදුව නැති බවත් ළමා අපචාර සම්බන්ධ සියලු නඩු කටයුතුවල විමර්ශන හා ප්‍රගතිය නියාමනය කිරීමට දත්ත පද්ධතියක් සකස් කිරීම වැදගත් වුවත් මේ දත්ත පද්ධති සකස් කිරීම හරියාකාරව ක්‍රියාත්මක නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News
එසේම පරිවාස බාරයේ හෝ ළමා සුරැකුම් ආයතනවල රඳවා ඇති දරුවන් දූෂණයට, ලිංගික අපචාරවලට හා ශාරීරික හානිවලට මෙන්ම විවිධ හිංසනයන්ට අඩත්තේට්ටම්වලට ලක්වන බව වාර්තා වන නමුත් මේවා වළක්වා ගන්න නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් නව තාක්ෂණය උපයෝගී කර ගෙන පරිවාස හා ළමා සුරැකුම් ආයතනවල ආරක්ෂක ස්ථාන සඳහා CCTV කැමරා ක්‍රමවේද, ආරක්ෂිත ඩිජිටල් පැමිණිලි පද්ධති ආදී නවීන ක්‍රමෝපාය උපයෝගී කර ගෙන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත් අවදානම් පරිසර ගැන විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර ඒවාට පිළියම් යෙදීම පවා දුර්වල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේවා ළමා ආරක්ෂක අධිකාරිය කේන්ද්‍ර කර ගත් ළමා අයිතිය උල්ලංඝනය වන දිර්ඝ කාලීන අකාර්යක්ෂම වැඩපිළිවෙළවල් නිසා නව වැඩපිළිවෙළක් ලෙස ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුවක් ඇති කර දරුවන්ගේ ළමුන්ගේ දැරියන්ගේ අයිතිය ආරක්ෂා කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම අත්‍යාවශ්‍ය බවත් ළමුන් හා කාන්තාවන් යන කොට්ඨාස 2ම මෙහි දී ඒකාබද්ධ කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම ගැන කතා කරන මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් මූලික අයිතිවාසිකම්වලට ළමා හා කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










